පොහොට්ටුවෙන් එන්නේ දර්ගා ගිනි තියපු අයයි…

0

පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ දර්ගා නගරය ගිනි තැබූ අය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් බේරුවල නගර සභාවට තරග වදින කණ්ඩායමේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කලේ

“වර්තමානය වනවිට පොහොට්ටුව පක්ෂයේ හුලං බැහැලා. එම පක්ෂයේ නියෝජිතයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනවා. නාම යෝජනාත් බහුතරය ප්‍රතික්ෂේප වුනා. පසුගිය රජය සමයේ දී ඔවුන් කරපු ජරා වැඩ නිසා දෙවියොත් කෝප වෙලා ඉන්නේ. 1970 දශකයෙන් පසුවයි මෙම මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ. මෙම මැතිවරණ ක්‍රමය එදා පැවැති ගම් සභා මැතිවරණ ක්‍රමය වගෙයි. කිසියම් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක ලකුණ ඉදිරියේ පමණයි කතිරය සළකුණු කළ යුත්තේ. බේරුවල නගර සභාව ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙනවා. සමහරු හැංගිලා ඉදලා ස්වාධීනව ඇවිත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ දර්ගා නගරය ගිනි තැබූ අයයි. ජතිවාදය, ආගම්වාදය පතුරුවන ලද අයයි. පසුගිය රජය මට එපා වුයේ ද, ජාතිවාදය සහ ආගම්වාදය නිසයි. දර්ගා නගරයේ මුස්ලිම්වරුන්ගේ කඩසාප්පු විනාශ කළා. ඒවා යළි හදන්න රුපියල් කෝටි 25 ක් පමණ වැය වුනා. භෞතික වශයෙන් ගොඩනැගිලි හැදුවත් සිත්වල ඇති වූ කළ කිරීම හදන්න බැහැ. දර්ගා නගරය මුස්ලිම්වරුන්ට උදවු කරන විට මටත් ජාතිවාදියා කියලා කිවුවා. ජාතිවාදය සහ ආගම් වාදය පතුරුවලා ඡන්දය ගන්න මට වුවමනාවක් නැහැ. එවැනි ඡන්දත් මට එපා. කිසි දවසක පෙරළන්න බැහැ කියපු රාජපක්ෂ රජය පෙරළා දැමුවා. රාජපක්ෂලා වුනත් හිතුවේ නැහැ මෙහෙම උසාවි වල රස්තියාදු වෙන්න වෙයි කියලා. බේරුවල නගර සභාවට ඉල්ලන ඇතැම් අපේක්ෂකයින් දර්ගා නගරය ගිනි තැබූ අය සමගයි එකතුව සිටින්නේ. ඒ ඔවුන්ගේ බඩ වියත වෙනුවෙන්. ව්‍යාපාර වෙනුවෙන්. මෙම තීරණාත්මක අවස්ථාවේ නිවැරදි තීන්දුවක් ලබාගන්න. ඇතැම් අය අහුංගල්ල නිසා පැත්ත මාරු කරලා තිබෙනවා. ඔවුන්ගේ බොරු වලට අහු වෙන්න එපා.”