මම කන්න දුන්න අත හපා කන්නේ නෑ

0

මගෙ දේශපාලන ගමනට අවුරුදු දාහතක් වෙනවා. අපි එතත් ශ්‍රීලංකා කියන තැන හිටියා අදත් අපි මහින්ද මහත්තයා එක්ක ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ පාර අපි පුත්තලම වැඩිම මනාපයෙන් ශ්‍රී ලංකා පොදු පෙරමුණ ජයග්‍රහණය කරලා පෙන්වනවා යැයි පුත්තලම ප්‍රාදේශිය සභාවට තරග වදින ශ්‍රිලංකා පොදු පෙරමුණ අපේක්ෂක ඩබ්ලිව්.ඩොනෙල් රෝබස් පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ. මම 2001 වසරේ මන්ත්‍රී වුණා. ඒත් සමගම මහින්ද මහත්තයා යම් කිසි වැඩක් කෙරුවා. මගේ ගම සිංහල, දෙමළ, මුස්ලිම් ජාති තුනම ඉන්න ගමක් එතනදි මට කෝටි දහයක විතර මුදලක් ලැබුණා මේ සංවර්ධන කටයුතු සිදු කරන්න. ඉතිං එදා තමයි මම දැක්කෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකුට රජයක් මගින් මෙච්චර ප්‍රතිපාදන නිකුත් කරනවද කියලා.

මහින්ද මහත්තයා කියන්නෙ එක්තරා රජෙක් ඒ නිසා මට එයාව දකිද්දිත් පුදුම සතුටක් තියෙන්නෙ. තව දෙයක් අද රටේ අපි යන්නෙ එන්නනෙ කන්නෙ බොන්නෙ ඒ මිනිසා නිසා මොකද හේතුව රටේ යුද්ධෙ නතර කරපු එකම රජා කිව්වොත් මම නිවැදියි.

එතිං අපි ඒ මනුස්සයට කරන ගෞරවයක් වශයෙන් අපි මේ මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරවන්න ඕනෙ. මොකද ඒ පක්ෂය මේ රටේ නැවත ස්ථාපිත කරන්න ඕනෙ ඒ නිසා අපි පුත්තලම ප්‍රාදේශිය සභාව විතරක් නෙමෙයි සමස්ථ පුත්තලම දිස්ත්‍රික්කයම වැඩිම මනාපයෙන් ජයග්‍රහණය කරවනවා.

ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ සැරේ අපේ ප්‍රාදේශිය සභාවට තරග කරන්නෙ මහින්ද මහත්තයා එක්ක හිටපු පිරිසමයි. මටත් යන්න තිබ්බා එක එක පක්ෂ වලට මම කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙයි මම කන්න දුන්න අත සපා කලාදාන දේශපාලඥයෙක් නෙමෙයි කියන එක ජනතාවට කියන්න කැමතියි.

සටහන සේයා රූ

පුත්තලම කේ.ප්‍රියංකර

2017.12.26

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here