මහින්ද වෙනුවෙන් හොර කසාද සහතික හදලා

0

ශ්‍රිලනිපය ජනතාව නොමග යවන්න මහින්ද මැතිතුමාගේ ඡායාරූපය සමග බුලත් කොලේ පෝස්ටර් අලවන බව පිවිතුරු හෙළ උරුම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඊයෙ (27) පැවැති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා සදහන් කලේ

“අද ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික වස්තුවක් වෙලා. හැමෝම හොර කසාද සහතික ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අයිතිවාසිකම් කියනවා. ශ්‍රිලනිපය ජනතාව නොමග යවන්න මහින්ද මැතිතුමාගේ ඡායාරූපය සමග බුලත් කොලේ පෝස්ටර් අලවනවා. මෙය ජනතාව නොමග යවන පෝස්ටරයක්. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමන් පසුගිය වසර දහතුන හමාරක් මැතිවරණ වලට ඉදිරිපත්වෙලා තියෙන්නේ බුලත්කොලේ යටතේ. අද එතුමන් අළුත් ලකුණකින් පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින වෙලාවේ එතුමාගේ ඡායාරූපයක් සමග එතුමන්ගේ පරන ඡන්ද ලකුණ වෙච්ච බුලත්කොළය එකට තිබෙන පෝස්ටර් ඇලවීමෙන් ජනතාව නොමග යැවීමේ ඉතාම නින්දිත උත්සාහයක පහත් වෑයමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෙදිලා ඉන්නවා. ඒ වගේම බොහෝ ස්වාධීන කණ්ඩායම් මහින්ද මැතිතුමාගේ ඡායාරූපය යොදා ගෙන පෝස්ටර් අලවනවා. ඒ පෝස්ටර් වල අපූරු වැකි තිබෙනවා. මැතිවරණයෙන් පසු පොහොට්ටුවට එකතු වන අපි ඇපල් ගෙඩියෙන්. පොහොට්ටුවෙන් නොදුන් නිසා රොකොට්ටුවෙන් එන මහින්දගේ අපි. කවුරු මොනවා කිව්වත් මහින්ද මැතිතුමාව නියෝජනය කරන්නේ පොහොට්ටුව සහ පොහොට්ටුව පමණමයි. ඒ නිසා ඡන්ද පත්‍රිකාවේ උඩින් තිබෙන බුලත් කොල වගේම අත තිබෙනවා. ඒවා නොදැක්කා වගේ පසු කර මහින්ද රාජපක්ෂ මහතාට හිමි පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්න. එහෙම කලොත් විතරමයි මේ ආණ්ඩුවේ විනාශකාරී ගමන් මගට මේ රටේ ජනතාවගේ ඇති විරෝධය රටටත් ලෝකයටත් විශේෂයෙන්ම ආණ්ඩුවටත් දැනුම් දීමේ අවස්ථාව තිබෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here