එක ලියුමයි තේ තහනම ඉවතට…, එක කෝල් එකයි පොහොර නැවක් මග……

1

ලංකාවේ තේ තහනම ඉවත් කරන ලෙස රුසියන් ජනාධිපතිට ලියුමකින්ඉල්ලා සිටි බවත් ඒ අනුව තේ වලට පනවා තිබූ තහනම රුසියාව ඉවත් කර ගත් බවත් ලංකාවේ පොහොර ප්‍රශ්නය වෙනුවෙන් පකිස්තාන අගමැතිට ටෙලිෆෝනයෙන් ඇමතු බවත් ඒ අනුව පොහර මෙට්‍රික් ටොන් 40,000 ක් එවීමට පකිස්තාන අගමැතිවරයා ක්‍රියා කළ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද (29) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් වෙනුවෙන් පැවති සමුළුව අමතමිනි.

දීර්ඝ කාලයක් පුරා රටට අවශ්‍යව පැවති පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ වැදගත් පියවර සනිටුහන් කෙරෙන්නේ මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය තුළින් බව ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“සමහර අය මගෙන් අහනවා මොනවද මේ අවුරුදු තුනේ කෙරුවේ කියලා. ඔබ දන්නවා පහුගිය දවස්වල අපේ මිත්‍ර රටක් අපෙන් තේ ගන්න එක නැවැත්තුවා. රට තුළ ලොකු ප්‍රශ්නයක් උද්ගත වුණා. මාධ්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කළා. අපේ දේශපාලන ප්‍රතිවිරුද්ධවාදින් කිව්වා අපේ විදේ ප්‍රතිපත්තිය මේකෙන් පේනවා කියලා. රුසියන් ජනාධිපති වැඩ්මිලර් පුටින්ට මම ලියුමක් ලිව්වා. පුටින් අපේ තේ තහනම අයින් කරගෙන අපෙන් තේ ටික ගන්න තිරණය කෙරුවා. ඒවා තමයි අපි ලබා ගත්ත ජයග්‍රහණ. මේ දිනවල රටේ පොහොර පිළිබඳව ප්‍රශ්නයක් තියනවා විවේචන තියනවා. මම පහුගිය සතියේ පකිස්ථාන අගමැති මොහොමඩ් ශෙරීෆ්ට මම ටෙලිෆෝන් එකෙන් කතා කරලා කිව්වා මට පොහොර ප්‍රශ්නයක් තියනවා මට පිහිට වෙන්න කියලා. දැන් විනාඩි කිහිපයකට කලින් මැසේජ් එක ආවා පකිස්තාන අගමැති තීරණය කළා කියලා වහාම මෙට්‍රික් ටොන් 40,000ක් පොහොර එවන්න ලංකාවට කියලා. මේ රට ගොඩ නගන්න තියන ලොකුම බාධාව මේ රටේ දේශපාලකයින්ගෙන් සෑහෙන පිරිසක් දූෂිතයින්, වංචාකාරයින්, නාස්තිකාරයින් වීම තමයි මේ රටට තියන ලොකුම අපලය, ලොකුම සාපය. මේ පක්ෂයේ සභාපතිකම මගෙන් පස්සේ මගේ පවුලේ කෙනෙකුට නෙමෙයි මේ පක්ෂයේ සභාපතිකම මගෙන් පස්සේ ඔබටයි කියන එක මම මෙහිදී මතක් කරන්න කැමතියි.” ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

1 COMMENT

  1. Its not my first time to pay a quick visit this web site,

    i am browsing this web page dailly and obtain fastidious facts from here all the time.

Comments are closed.