නොදකින් මේ තුට්ටු දෙකේ උන්, වතුර බෝතලෙන්ම කෙලින්න හිතෙනවා….

0

යහපාලන රජය තුළ එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහන පිරිස එලවන ඡන්දය පෙබරවාරි 10 වෙනිදා පවත්වනු ලබන ඡන්දය බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මම පොඩ්ඩක් සයිලන්ට් වෙලා හිටියා මටත් එක එකාට පොඩ්ඩක් පාට් ටිකක් පෙන්නන්න ඕන වුණා. කැබිනට් එකේ ලාබාලම මන්ත්‍රිවරයා විදියට ඉන්නකොට පිටින් ආපු උන් එක එක සද්ද දාන කොට ඉතින් පිටිපස්සේ ඉදන් වතුර බෝතලෙන් කෙලින්නම හිතෙනවා. ඒත් කටවහගෙන ඉවසගෙන හිටියා. මේ රට කාලා කාලා මුන් දැන් ආයිත් මේ රට කන්න හදනවා. මේක දැන් බොරුවට බැදුම්කරයක් කියලා කියනවා. බැංකුවක් කියලා කියනවා මුන් දන්නේත් නෑ. බැදුම්කරේ කියන්නේ මොකද්ද කියලා. මහ ඇමතියව ගෙන්නලා අහන්නකෝ බැදුම්කරේ කියන්නේ මොකද්ද කියලා. මොකද්ද ඌ දන්නවාද කියලාවත් බලන්න. මේ ආණ්ඩුවේ සමහර මිනිස්සු එනවා අපිට අත හෝදන්න. ඒවානම් හරියන්නේ නැහැ. මාත් එක්ක තරහක් තියනවා නම් මට අවුරුදු තුනක් තියනවා. මට දැන්මම ගහන්න එපා හැබැයි දෙයියනේ දැන් ගත්ත දේ දාලා යන්න නම් හිතන්නේ නැහැ. අපිට මුක්කු ගහන උන් එලවන ඡන්දය තමයි පෙබරවාරි 10 වෙනිදා තියන ඡන්දය කියන එක අමතක කරන්න එපා. මහින්ද රාජපක්ෂට කඩේ ගිහිල්ලා, මෛත්‍රීපාල සිරිසේනව අපි දිනෙව්වාට පස්සේ, මෛත්‍රීපාල සිරිසේනගේ පස්සේ ඉදගෙන අපිට පාට් එක දානවා. නොදකින් මේ තුට්ටු දෙකේ උන්,”අමාත්‍යවරයා පවසා සිටියා.

Harin Fernando