තොන්ඩමන්, දිගම්බරම් වතුකම්කරුවන් රවට්ටනවා…!

0

වතුකම්කරුවන් නියෝජනය කරන තොන්ඩමන් සහ දිගමිබරමි යන දේශපාලකයින් වතුකම්කරුවන් රවටා ඇති බව ජනතා නිදහස් පෙරමුණේ නායක නිතිඥය මෛති‍්‍ර ගුණරත්න පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ එම පක්ෂයෙන් නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් පළාත් පාලන ආයතන හතකට තරග කරන අපේක්‍ෂකයන් දැනුවත් කිරිම සදහා අද (30)  හැටන් ටිවිලා ශාලාවේ පැවති රැස්වීමකදීය.

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන වතු කම්කරුවන් ඔවුන් නියෝජනය කරන දේශපාලකයින් විසින් රවටා ඇති බැවින් ඔවුන් නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ වලට සහය නොදි තනිවම තරග කිරීමට තීරණය කළ බවත් ඔහු මෙහිදි පවසා සිටියා.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි පළාත් පාලන ආයතන කිහිපයකම බලය තම පක්ෂය විසින් හිමිකර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.