2015 වඩා වැඩි වෙනසක් පෙබරවාරි 10 වෙනිදාට ඇති වෙනවා…!

0

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ දැවැන්ත වෙනසක් ඇති වන බවත් එය 2015 දි සිදු වූ වෙනසටත් වඩා වැඩි වෙනසක් බවත් අමාත්‍ය පාඨලි චම්පික පවසනවා.

මහරගම වත්තේගෙදර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එම වෙනස හරහා ගම් මට්ටමින්, නව පිරිසක් රට පුරාම ඇති වෙමින් නව දේශපාලන ක්‍රියාවලියක් ඇති වන බවය.

පරණ අතීතයට තිත තබා අනාගතය දකින්න පුළුවන් තරුණ පිරිසකට නායකත්වය ලබා දීමේ කාලය එළඹි ඇති බවත් ඒ සඳහා අලුත් තරුණ පෙරමුණකට, තරුණ බලවේගයකට කාලය පැමිණ ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා.

Champika Ranawaka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here