හංගන්න දෙයක් නෑ…, අපේ දුර්වලතා තියනවා….!

0

අද වන විට මිනිසුන්ට දේශපාලනය තිත්ත වී ඇති බැවින් පළාත් පාලන මැතිවරණය සඳහා ධනාත්මක ලෙස දේශපාලනයේ නියැලෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක පවසා සිටිනවා.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ හමුවක් අමතමිනි.

“අපි මේ නගර සභාව ගන්නේ විනෝදයෙන් මේ අවුරුදු 4 ගත කරන්න නෙමෙයි. පැය 24 ම මේ නගරය අලුත්වැඩියා කිරීමට වරමක් අපි ලබා ගන්නේ. අපිට මේ පසුගිය අවුරුදු එකාහමාර තුළ කිසිම නිල බලයක් නැති නිසා ගැටළු ඇති වෙලාතියනවා. ධනාත්මක ප්‍රචාරණයක් ගෙනියන්න. එච්චරයි අපිට අවශ්‍ය වෙන්නේ. අනිත් ඒවට බැන බැන යන්න එපා. මොකෝ අපේ දුර්වලතා තියනවා. අපිට හංගන්න ඕන නෑ. අද මිනිස්සුන්ට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ.”මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

Ravi Karunanayake

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here