කොපුවෙන් බෙල්ල කපන්න ඔට්ටු නෑ…, ලඟම ඉන්න අයගෙන් පටන් ගන්න…!

0

ජනාධිපතිවරයා කඩුවෙන් කොටන්න ගත් සැනින්ම බෙල්ල කැපි යන්නේ ජනාධිපතිවරයා ලගම සිටින පිරිසගේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත පවසනවා.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කර තිබු ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“දැන් කාගේ කාගේද බෙල්ල කැපෙන්නේ කියලා තමයි අපි බලාගෙන ඉන්නේ. අපි පැහැදිලිවම දන්නවා මේ කඩුව අතට ගත්ත ගමන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ කඩුවෙන් බෙල්ල කපන්න වෙන්නේ එතුමාගේ ලගම ඉන්න අයගේ තමයි බෙලි ටික කපන්න වෙන්නේ. කොපුවෙන් කඩුව අරගෙන කඩුව පැත්තකට තියලා කොපුවෙන් බෙල්ල කපන්න ලෑස්තිවුනොත් මම හිතන්නේ ඒ ක්‍රියාදාමය අසාර්ථකයි.”මන්ත්‍රිවරයා පවසා සිටියා.