ලංකාවට ගේන්නේ ෆෙඩරල් වලටත් එහා ගිය ක්‍රමයක්.., ඒක අපේ පොරොන්දුවක්

0

ෆෙඩරල් ක්‍රමයට එහා ගිය බලය බෙදීමේ ක්‍රමයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ක්‍රියාත්මක කිරීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්තිරන් පවසනවා.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂයන් දැනුවත් කිරීමේ හමුවකට සහභාගි වෙමිණි.

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවේ පිටු හතරක් ගැන හරියට කියවලා බැලුවොත් පළවෙනි හා දෙවනි පිටුවල කියලා තියනවා ලංකාවට ඒකිය ව්‍යවස්ථාවක් ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් දැන්තියන ව්‍යවස්ථාවේ තියෙන්නේ ලංකාව ඒකිය රටක් කියලා. මධ්‍යම හා පළාත් ආණ්ඩුවලට බලය ක්‍රියාත්මක කරන්න පුලුවන් කියලා ඒකේ කියවෙනවා. ලංකාවට ෆෙඩරල් සැකිල්ලක් තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා අපි පොරොන්දු වුණා. අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙන්නේ ඒ සැකිල්ල තමයි. පළාත් රජයට ලබා දුන්න බලය ආපහු ගන්න බෑ. ඒ බලය අඩු කරන්න බෑ වගේම ඒ දීපු බලයට මධ්‍යම රජයට මැදිහත් වෙන්නත් බෑ. මේවා අතුරුකමිටු වාර්තාවේ කියවිලා තියනවා. ඒ විතරක් නෙමෙයි අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් මේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ කියන එකත් අතුරුකමිටුවේ කියවෙනවා. එහෙම කරනවානම් ඒකට පළාත් සභාවල අනුමැතිය ඕන. එක් පළාත් සභාවක් හෝ ඒකට අකමැතිනම් ඒ බලත වෙනස් කරන්න මධ්‍යම රජයට හැකියාවක් නැහැ. මේක ෆෙඩරල් ක්‍රමයට එහා ගිය දෙයක්,”මන්ත්‍රිවරයා මෙහිදි පවසා සිටියා.

M. A. Sumanthiran