එදා රජා අද ඉන්නේ කොල්ලෝ කුරුට්ටෝ පිරිවරාගෙන…, පක්ෂේ එක්කම එයාත් දියාරු වෙලා

2

හරි මිනිසා ගමෙන් පත් කර ගැනීමෙන් පෙබරවාරි 10 වෙනිදායින් පසුව රටේ දැවැන්ත වෙනසක් ඇති වන බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක පවසනවා.

හබරාදුව එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කල් තියලා පැවැත්වු ජන්දය තමයි මෙය යල් පැනගිය මැතිවරණයක් කිවා.එකම කල්ලියේ භේද හැදෙන ජන්දක්‍රමය වෙනස් කරලා අලුත් ක්‍රමයට ජන්දය තියන්න කීවා. අපි එහෙම කළා. හැඩ වැඩ ඇතිව මේ පළාත් පාලන මැතිවරණය ජය ගන්න හැකියි.ගෙයින් ගෙට ගිහිල්ලා ජන්දය ඉල්ලන්න. මේ ජන්දයෙන් පසුව රටේ දැවැන්ත වෙනසක් ඇති වෙනවා.”

“අපි ඉදිරිපත් කර තියෙන්නේ පිළිගත් දක්ෂ පිරිසිදු අයයි. අපේ අයට ඉක්මනට අමතක වෙනවා.පසුගිය කාලයේ පළාත් පාලන ආයතන වල හිටපු මන්ත්‍රිවරු සභාපතිවරු ගැන සොයන්න. ස්ත්‍රි දුෂකයන් ද අල්ලස් කාරයෝද හිටියා..එදා බයිසකලේ ගිය අය ජන්දයෙන් පස්සේ මන්ත්‍රි සභාපති වුණු එකා වාහනයකින් ගියා. කොන්ත්‍රාත් මන්ත්‍රිවරු තමයි එදා හිටියේ. මේ තක්කඩි සිස්ටම් එක වෙනස් කරමු. හරි මිනිසා ගමෙන් පත් කර ගනිමු.”

“ලංකාවේ බලය ගත හැකි කලාවක් තියනවා. ඒක තමයි මම කියන්න යන්නේ.බලය තිබුණු පක්ෂයට තමයි පළාත් පාලන ජන්දයේ දි බලය දිය යුත්තේ කියලා මේ රටේ ජනතාව දන්නවා. හරියට මේය කල්පනා කරලා ජන්දය දෙන්න. ආණ්ඩුව අපේ අගමැති අපේ මෙදා 2018 පළාත් පාලන මැතිවරණයේ දී බලයත් අපිට හිමි වෙනවා.”

“අපට තියෙන්නේ පාට පාට ආණ්ඩුක් මෙයට විසදුමක් දෙන්න උනමනායි.පළාත් පාලන ආයත කොළ පාට උනාම පළාත් සභාත් කොළ පාට උනාම ආණ්ඩුවම කොළ පාට වෙනවා. ලංකාවේ ජනහනයෙන් සියයට 52 ක් කාන්තාවන් සිටිනවා. පාසල්වල ගියත්, සරසවියට ගියත් පරිපලාන ආදි හැම අංශයකම වැඩිපුරම සිටින්නේ කාන්තාවන්ය. නමුත් කාන්තාවන් දේශපාලන නියෝජනය අඩුයි. ඒ නිසා එය වැඩිකරන්න තමයි අගමැතිතුමා මේ කාන්තා නියෝජනයට සියයට 25 දක්වා වැඩි කරලා අනිවාර්ය කර තිබුනේ.”

“මේවන විට මහින්ද රාජපක්ෂට දිට්ඨ ධම්ම වේදනිය කරුමය පලදිලා. මහින්ද රාජපක්ෂ දැන් පාර්ලිමේන්තුවට එන්නේ කොල්ලෝ කුරුට්ටෝ රැනක් එක්කයි. එදා ආවේ අස්වයෝ පිරිවරාගෙනයි. සැලුන් දොර ගැන කිවා ඒක ඇරලා කීවා. කොහොමද අද මහින්දගේ සැලුන්දොර කියලා. පක්ෂ කඩලා කිවා මට තරගයක් නෑ කියලා. අද කොහොමද මහින්ද ට වෙලා තියෙන්නේ. එතුමාගේ පක්ෂය දෙකට කැඩුනු සමගියක් නැති ඒකාබද්ධය විපක්ෂය  දියාරුවෙලා. මේ දියාරුවු දෙය දැක්කාම එජාප සමාජිකයෝ මේ දියාරුව දැකලා දුවලා ගිහින් ජන්දය දෙන්න සුදානම්න් ඉන්නේ.මේ ඒකාබද්ධ විපක්ෂයේ අය කිවා ආණ්ඩුවේ දත් ගලවලා දමනවා කියලා. දැන් කොහොමද තත්ත්වය. ඒකාබද්ධයට ප්‍රතිපත්තියක් නැ. දර්ශනයක් නෑ. නායකුයෙක් නෑ. නාමයෝජනා දෙනකොටම නාමයෝජනා 11ක් පරාද උනා. 2020වන කම් මේ ආණ්ඩුව හොල්ලන්න බෑ. 2025 වෙන කම් අපි වැඩ. දෙදහස් විසිපහෙ දි පොහොසත් කාලයක් ජනාතාවට රටට උදාවෙනාවා.”

Gayantha Karunathilaka

2 COMMENTS

  1. Hmm it appears like your website ate my first comment (it was super long) so I guess I’ll just sum it up what I wrote and

    say, I’m thoroughly enjoying your blog. I too am an aspiring blog writer but I’m still new to everything.

    Do you have any tips and hints for newbie blog writers?

    I’d definitely appreciate it.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here