පරණ හොරු මෙහේ ආවේ උන්ගේ හොරකම් වහන්න…., කට ඇරියොත් රෙදි ගලවනවා

0

මැතිවරණය ලං වෙත්ම ජාතික ආණ්ඩුවේ පාර්ශවයන් වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර මත ගැටුම ත්‍රිව වෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එජාපයේ මැති ඇමතිවරුන් හා එජනිස මැතිඇමතිවරුන් එළිපිට එකිනෙකා විවේච්නය කරන තත්ත්වයට පත් ව ඇත.

බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එවැනි විවේචනයක් ඉදිරිපත් කළා.

“එදා මහින්ද රාජපක්ෂට වැඩ කරපු උන් අද ඇවිල්ලා අපිට කියලා දෙනවා අපි කොහොමද මේ ආණ්ඩුව කරගෙන යන්නඕන කියලා. මට නම් මේකේ පොඩි අවුලක් තියනවා. අපි 2015 ආණ්ඩුව ගත්තා. ඒත්  මේ ආණ්ඩුව අපේ නෙමෙයි වගේ. බලාගෙන ඉන්න බෑ. මට නම් තිත්ත වෙලා තියෙන්නේ. මගේ දිස්ත්‍රික්කයේ ආසන 9යෙන් 9ම දිණුම් මම නම් දැන් පපඩමක් වගේ. උන් තමයි වැඩ්ඩෝ”

“දැන් අපිට මේ මහ බැංකු කතා එක එකා කියවගෙන එනවා. කියපල්ලකො බලන්න තොපිලගේ කුණුත් ඔක්කොම අපි කියන්න. ඔය පරණ හොරු ටික ආයිත් මෙතනට ආවේ, ඇමතිකම් ගත්තේ උන්ගේ හොරකම් වහගන්න.” මන්ත්‍රීවරයා පවසා සිටියා.