කඩුව වෙනකෙනෙකුට දීලා කොපුව ගනීද දන්නේ නෑ!

0

මහ බැංකු බැදුම්කර වංචාවේ හොරුන් එළියට එනතුරු රටම බලා සිටියත් ඒ ගණුදෙණුව සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ ආණ්ඩුව පිහිටවූ පාර්ශවයන්, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (01) තංගල්ල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මහ බැංකුව කොල්ල කෑව එක ගැන දැන් වාර්තාවක් තියනවා. මම හිතන්නේ මහ පොත් තුනක්. අපි බලාගෙන ඉන්නවා දැන් ඒ වාර්තාව ක්‍රියාත්මක වෙවිද, පුස්කාවිද කියලා. මේකේ කවුද වැරදිකාරයා, නිවැරිදිකාරයා දැන් මේවා එළියට එන්න ඕන. හැබැයි අපි ඔක්කෝම දන්නවා මේකට හවුල් මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව කවුද මේ ආණ්ඩුව පිහිටුවලා තියෙන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයයි, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, අර පැත්තේ ඉදලා ඡන්දය පාවිච්චි කරන ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය. මේ වාර්තාව ඇවිල්ලා වැඩක් නෑ මේ වාර්තාවට ජනතාව ඡන්දය දේවි වාර්තාව එළියට ආවට පස්සේ. ඒ හින්දා මේ වාර්තාව සමහර විට එළියට එන එකක් නෑ.”

“කඩුවෙන් කැපෙන ඒවා, ඒවා කොයි පැත්තෙන් කැපෙනවා ද දන්නේ නෑ. කොපුව එයිද දන්නේ නෑ, කඩුව වෙන කෙනෙකුට දීලා කොපුව අතේ තියා ගනිද දන්නෙත් නෑ. තමුන්නැහැලා බලයි අපිට මොකද වරාය වික්කම අපි වරායේ රස්සා කරනවාද? තව කෙනෙක් අහයි ගුවන් තොටුපොළ වික්කම මොකද අපිට මොකද්ද තියන ප්‍රශ්නය. මේවා අයිති මේ දරුවන්ට. මීට අවුරුදුඉ ගාණකට පස්සේ ඉපදෙන දරුවට අයිති මේ දේවල් විකුණන්න අයිතියක් නෑ,” හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

Mahinda Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here