දිවියෙකු පහරදි පස්දෙනෙකු රෝහලේ 

0

දිවියෙකුගේ පහරකෑමට ලක්වු වතුකමිකරුවන් පස්දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබුණී. හැටන් පොලිස් වසමට අයත් පන්මුරේ වතුයායේ තේ දලු නෙලමින් සිටි වතුකමිකරුවන් සිවිදෙනෙකුට සහ වතුකමිකරු කාන්තාවක් අද (02.01) පස්වරු 1.00 ට පමණ තේ වත්තේ රැදි සිටි දිවියෙකු පහර දි ඇති බවයිඑම වතුයායේ වතුකමිකරුවන් කියයි.

තේ වතු ආශ්‍රිතව දිවියන් විශාල පිරිසක් සැරි සරන බවත් එසේ සැරි සැරු දිවියෙකු තමන්ට පහර දුන් බවයි තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන වතුකමිකරුවන් කිය. පන්මුරේ වතුයායේ සැරි සැරු දිවියා අල්ලා ගැනිම සදහා වතුකමිකරුවන් හා හැටන් පොලිසියේ නිළධාරින් එක්ව මෙහෙයුමක්ද දියත් කර තිබුණි. පවත්නා තත්ත්වය මත එම වතුයායේ වතුකමිකරුවන් දැඩි භිතියට පත්වි ඇත.

මෙසේ තේ වතු ආශ්‍රිතව සැරි සැරු දිවියන් ගණනාවක් දඩයමිකරුවන් විසින් මරඋගුල් සහ වස මිශ‍්‍රමස් වර්ග ලබා දි ඝාතනය කර තිබු අතර වනජිවි නිළධාරින්ද අලි වෙඩි යොදාගනිමින් එම දිවියන් රක්‍ෂීතවලට පලවා හැරිෙමි වැඩ සටහනක්ද පසුගියදා දියත් කර තිබුණි.

රංජිත් රාජපක්ෂ -හැටන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here