යහපාලනයේ අපි නීතිය රකින්න කැපවී සිටිනවා…, හැමෝම ඒකට උදව් කරන්න ඕනෑ

0

නීතිය රැකීමට කැපවී සිටින ආණ්ඩුවක් වශයෙන් මැතිවරණ නීතිය රැකීමට කටයුතු කරන බවත් එහි ප්‍රධාන පියවර වශයෙන් ජනමාධ්‍ය භාවිතාවේ අපක්‍ෂපාතීත්වය හා සාධාරණත්වය තහවුරු කිරීම ආරම්භ කර බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (02) උදෑසන අරලියගහ මන්දිරයේදි පැවති මාධ්‍යයේ හැසිරිම සඳහා වන උපමාන යෝජනාවලියට අත්සන් තැබීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“2018 වසර ආරම්භ කළේ මේ පවත්වන ඡන්දයේදි විද්‍යුත් මාධ්‍ය විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදය අත්සන් කරලා අදාළ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේදි එය සම්මත කර ගන්න. හැමතිස්සේම ආණ්ඩුවක් හැටියට කැප වෙලා තියෙන්නේ නීතිය අනුව ක්‍රියාකරන්න. ඡන්ද නීතියත් ඒ වගේම පිළිපදින්න ඕන. අලුත් ඡන්ද ක්‍රමයක් අද අපි රටට ඉදිරිපත් කරලා තියානවා. එක අතකින් අද තමන්ගේ කොට්ඨාශයේ අපේක්ෂකයෙක් තෝරා ගන්න. අනෙක් අතට අවශ්‍ය කාන්තා නියෝජනය ලබලා දෙන්න. එවගේම ඡන්ද විශාල ප්‍රමාණයක් ලබලා මන්ත්‍රිධූර හිමිවෙලා නැත්නම් අනුපාත ක්‍රමයට මන්ත්‍රිධූර ලබා දෙන්න. අලුත් ක්‍රමය පටන් ගන්න ඕන මේ තියන ක්‍රමය හරියට කරලා. අපි බලාපොරොත්තු වෙනවා සියළු දෙනා ආණ්ඩුවට සහයෝගය දෙයි කියලා.” අගමැතිවරයා පවසා සිටියා.

Ranil Wickremesinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here