ඩොලර් වලට කාක් කියන පරිසර සංවිධායකයෝ මඩ ගහනකම් බලන් ඉන්න නිවටයෙක් නෙමෙයි

0

ජනාධිපතිවරයාට හෝ බුද්ධාගමට හෝ මුවා වී තමාට හෝ වෙනත් පුද්ගලයෙකුට මඩ ප්‍රහාර එල්ල කිරීමේදී එයට නිවටයෙකු ලෙස කටයුතු කිරීමට සුදානම් නොවන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ඊයේ (02) මාධ්‍ය හමුවක් කැදවමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ තමන් විල්පත්තු වන විනාශයට සම්බන්ධ බවට චෝදනා කළා ආනන්ද සාගර හිමියන්ට හා පරිසර වේදින්ට එරෙහිව මිලියන 500ක් ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බවයි.

“ඡන්ද නාමලේඛන ගැන ආනන්ද සාගර හිමියන් චෝදනා කළා මේවා බොරුවට හදන්නත් පුළුවන් කියලා බලය පාවිච්චි කරලා, මේක බරපතල ප්‍රකාශයක් මේ ඡන්දය පවතින අවස්ථාවක. ඡන්දය පිළිබඳව අවිශ්වාසය ඇති කිරීම සඳහා බරපතල ප්‍රකාශයක් ඇති කළේ. මේ පිළිබඳව විමර්ශනය නොකර සිටිනවා නම් මැතිවරණ කොමිසම ඒ හාමුදුරුවන්ගේ ප්‍රකාශය පිළිගත්තා වෙනවා. ආනන්ද සාගර හාමුදුරුවෝ, රජීව චාමිකරත් නයන රක්වැල්ලත් ප්‍රහාර එල්ල කළා මලික් සමරවික්‍රම ගරු ඇමතිතුමයි මමයි මේ කරන ලද කුමන්ත්‍රණයක් පුක්කුලම ගම්මානයේ සංචාරක හෝටලයක් හදන්න හදනවා කියලා. එතන හිටි එක මහත්මයෙක් කිව්වා මම පුත්තලම් බූරුවෙක් කියලා. හාමුදුරුවෝ කිව්වා ගරු අගමැතිතුමාට මාව අරගෙන ගිහිල්ලා අරලියගහ මන්දිරයේ බදින්න කියලා. මම එහෙමනම් හරකෙක් හරි බල්ලෙක් හරි වෙන්න ඕන එහෙම අරගෙන ගිහිල්ලා බැද දමන්න. ජනාධිපතිතුමාට කිව්වා කඩුව අරගෙන තියෙන්නේ දැන් කපලා දාන්න කියලා. ජනාධිපතිතුමාව කඩුව ඇතිව සන්නද්ධ කළේ අපි. එතකොට ඔය පරිසරවේදි මහත්වරු දෙන්නයි, හාමුදුරුවෝයි වැඩ කළේ මහින්ද රාජපක්ෂ මහත්තයාට කඩුව අතේ තියාගෙන ඉන්න. ඒ කණ්ඩායම කිව්වා මාව අනිවාර්යයෙන්ම හේග් නුවරට ගෙනියනවා කියලා. මම ඉතාමත්ම සන්තෝෂයි. ඒ NGO කඩකරුවන් ඩොලර්වලට කාක් කාක් කියමින් කරන ගැරිල්ල මට ඒ පරිසර සංවිධානයේ මූලස්ථානයට ගිහිල්ලා කියන්න තොරතුරු මම ලග තියනවා. මට ඒවා පෙන්නන්න පුළුවන්.”

“හැබැයි මම එකක් කියන්න කැමතියි. වැල්ලවත්ත ඊ. ඒ කුරේ මාවතේ බෞද්ධ කාන්තා සංගමය විසින් පවත්වාගෙන ගිය සමිති ශාලාව අද බලහත්කාරයෙන් අල්ලාගෙන ගොඩනැගිල්ලක් හදනවා. ජනාධිපතිනියගේ රැකවරණය යටතේ කිසිදු අවසරයකින් තොරව. එහෙම කරන හාමුදුරුවෝ මට කියනවා මම ඉඩම් බලෙන් අල්ලාගෙන කියලා. මඩකාලා නිකන් ඉන්න අපි ඌරෙක් වෙන්න ඕන. මම ඌරෙක් නෙමෙයි. හැබැයි බුද්ධාගමට මුවා වෙලා හරි ජනාධිපතිට මුවා වෙලා හරි මාව නැති කරන්න හරි තව පුද්ගලයෙක් නැති කරන්න හරි බලාගෙන ඉන්නවා නම් ඒක දිහා මට බලාගෙන ඉන්න බෑ නිවකයෙක් වගේ ඒනිසා මම මේ තුන්දෙනාට එරෙහිව ටුපියල් මිලියන 500 බැගින් ඉල්ලලා ඉදිරි දෙසතිය තුළ නඩු පවරන්න බලාපොරොත්තු එනවා.”

Palitha Range Bandara