අලුත් අවුරුද්දේ ඩුබායි අලුතෙන්ම 5%ක වැට් බද්දක් පනවලා…, ශ්‍රිලාංකික ශ්‍රමිකයන්ට දැඩි බලපෑම්

0

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු ගල්ෆ් කලාපිය සහයෝගිතා කවුන්සිලයේ (GCC) සියළු රටවල් 2018 ජනවාරි 01 වෙනිදා සිටි බලපැවැත්වෙන පරිදි වැට් බද්දක් පනවා තිබෙනවා.

UAE හි මූල්‍යමය සබදතා අමාත්‍ය Obaid Humaid Al Tayer ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකරණ අධ්‍යක්ෂක Christine Lagarde සමග පසුගිය පෙබරවාරි 24 වෙනිදා හවුල් මාධ්‍ය හමුවකදි සඳහන් කළේ 5% ක වැට් බද්දක් 2018 ජනවාරියේ සිට UAE සඳහා බලපවත්වන බවයි.

මූලික ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය යන කේෂ්ත්‍රයන් වෙනුවෙන් සීමා සහිත ව්‍යතිරේඛකයක් මෙම බද්ද මගින් පනවනු ලැබුව ද භාණ්‌ඩ සහ සේවාවන්, පෙට්‍රල්, ආහාර, ඇඟලුම්, විදුලි, ජල බිල්පත් සහ හෝටල් කාමරවලට මෙම වැට් පැනවෙන බවයි මූල්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.

ඩුබායි අධිවේගී ගාස්‌තුද ඉහළ නංවා ඇති අතර එහි වෙසෙන ස්‌වදේශික ජනතාව ආදායම් බදුවලින් නිදහස් කර ඇත.

2017 වසරේ මුල් කාර්තුවේදි අත්සන් කරනු ලැබු GCC VAT framework අනුව මෙම වැට් බද්ද පනවා ඇති අතර ඒ වෙනතෙක් ඩුබායි සහ සවුදිය යන රටවල් හදුන්වනු ලැබුවේ බදු රහිත රටවල් ලෙසය.

මේ බද්ද මගින් ඩුබායි එසෙන ශ්‍රි ලාංකිකයන් හට දැඩි බලපෑමක් එල්ල වනු ඇත.  ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 3 ක් ඩුබායි හි රැකියා කරමින් ජීවත් වන අතර සියළුම විදේශිකයන් මෙම බද්දට යටත් වීම තුළ ඔවුන්ගේ ජීවන වියදම ඉහළ යනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here