පොහොර නිසා කැබිනට්ටුව උණුසුම්…, මිනිස්සුන්ට මුහුණ දෙන්න බෑ….පොහොර නිකම් දෙමු ඇමතිවරුන්ගෙන් යෝජනා…

5

රටේ දැනට ඇති වී තිබෙන පොහොර හිගය සම්බන්ධයෙන් ඊයේ (02) රැස්වූ කැබිනට් මණ්ඩලය තුළ උණුසුම් වාතාවරණයක් නිර්මාණය වූ බව අප දේශපාලන වාර්තාකරු වාර්තා කරනවා.

එහිදි ඇමතිවරුන් පොහොර හිගය සම්බන්ධයෙන් චෝදනා ස්වරූපයෙන් අදහස් දක්වා ඇති බවත් ඔහු සඳහන් කරසිටියා.

නියඟය ආදී ස්වභාවික හේතු නිසා  ගොවීන්ට කන්න තුනක් තිස්සේ නිසිලෙස වගා කටයුතු කිරීමට නොහැකි වූ බැවින් ගොවින්ට පොහොර නොමිලේ ලබා දෙන ලෙස අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා ඇත්තේ දැනටත් පොහොර ලබා ගැනීමට ගොවීන්ට මුදල් රජයෙන් ලබා දෙන බැවින් නොමිලේ පොහොර ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පොහොර ගෙන්වීම රජයෙන් ඉවත් කර සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට දීමට මුදල් අමාත්‍යංශය මීට පෙර කටයුතු කළ බැවින් එය මේ අර්බුදයට හේතුවක් බව පවසා තිබේ.පෞද්ගලික අංශ පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක්ද රජය මඟින් පොහොර මෙට්‍රික් ටොන් 35,000 ක්ද පකිස්ථානයෙන් ආනයනය කිරීමට ඇනවුම් කර ඇතත් පකිස්ථානය පොහොර අපනයනය කිරීම සීමා කිරීම නිසා නියමිත අවස්ථාවේ පොහොර නොලැබුණු බවද ඇමතිවරයා සඳහන් කර තිබෙනවා.

එහිදී අදහස් දක්වා ඇති නිවාස සහ ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස  පොහොර හිඟය නිසා මිනිසුන්ට මුහුණ දෙන්නට බැරි තත්ත්වයකට පත්ව ඇති බවත් පොහොර මිටිය රුපියල් 350කට ලබා දිය යුතු බවත් පැවසු බවයි අප දේශපාලන වාර්තාකරු වැඩිදුරටත් පවසා සිටියේ.

5 COMMENTS

  1. Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could add to my

    blog that automatically tweet my newest twitter updates.

    I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this.

    Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.

  2. Link exchange is nothing else however it is only placing the other person’s blog link on your page at suitable place and other person will also do similar for you.

  3. And live inside arms of this fictitijous Adonis that you have conjured

    ass the fantasy mate. Then write the actual way it seems like for your requirements and give consideration when you

    lay them in the market to lern more about yourself watchning how you will find thee hidden lesson. You has decided to recognize similar movement patterns for most currency

    pairs.

Comments are closed.