මගේ රූපය අයිති පොහොට්ටුවට….,වෙන අය ගහගන්න වලි කෑවට මට කරන්න දෙයක් නෑ

0

තමාගේ රුව ප්‍රදර්ශනයට අයිතිය ඇත්තේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවටි පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක සමාරම්භක උළෙල අමතමිනි.

එහිදි අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“රටම වැඩබිමක් කරපු අපි කෑම ටික එනකම් ගෝල්ෆේස් පිට්ටනියට ගිහිල්ලා උඩ බලාගෙන ඉන්නවා, නැව එනකම්. අද මේ පොහොට්ටුව නිර්මාණය වෙන්නේ සම්පත් විකුණන කණ්ඩායම. පොහොට්ටුවෙන් නියෝජනය වෙන්නේ මේ රටේ මැතිවරණ කල් දානවට විරුද්ධ වෙච්ච පිරිස. මත්තල ගුවන් තොටුපොළ හැදුවා. ඒක විකුණගන්න හදන්නෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් ලවා. ඒකයි මේකේ වෙනස. අර බළල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ. අපිට GSP නැති වුනත් කරගෙන ගියා ඒ කාර්යය හොදට. ඒක දුන්නම මහා වර්ණනාවක් කළා. දැන් ඇමරිකාවත් තහනම් කරලා. මෙයාලව බලයට ගෙනාව පිරිස් තරහා කරගෙන නෑ. මේ තත්ත්වයට රට වැටුනේ ඇයි? එක්සත් ජාතික පක්ෂය බලයට ආව හැම අවස්ථාවකම කළේ දුප්පත් මිනිහට ගහපු එක. ඔබ අන්න ඒ දුක් විදින ඉනිස්සුයි නියෝජනය කරන්නේ. පොහොර ටික ගේන්න බැරි වුණාම ටැලිෆෝන් කරනවා. හාල් ටික ගේන්න බැරි වුණාම ටෙලිෆෝන් කරලා නැව ගෙන්න ගන්නවා. අපේ කාලේ වී ටික ගත්ත ඒ ටික තියන්න තැනක් නැතුව මත්තල ගුවන් තොටුපොලේ තැම්පත් කලා.”

“මෙතන ඉන්නේ පොහොට්ටුවේ අය. මේ නොයෙක් පක්ෂ වලින් ඉල්ලන්නේ. එක අරමුණයි අපිට තියෙන්නේ. මතක තියාගන්න ඔබට නොමිනේෂන් හම්බවෙන්නේ 65,000ක් ඉල්ලපු තැනකින්. 8000ටයි හම්ම්බවුණේ. ඒනිසා නොමිනේෂන් ඉල්ලපු අය දිනා ගැනීමේ වගකීම අපිට තියනවා. අපි ඒක අමතක කරලා නැහැ. ඔබ පොහොට්ටුවට විරුද්ධව ඡන්දය දෙනවා නම් ඔබ ඡන්දය දෙන්නේ මේ රට බෙදන්න, වෙන් කරන්න, කෑලි කෑලි වලට කඩන්න යන එකට. ඒකට ඉඩ තියන්න එපා කියන පණිවිඩය ඔබ අනිවාර්යයෙන්ම ජනතාවට හිය යුතුව තියනවා. හැමෝටම ඕන වෙලා තියෙන්නේ මගේ ෆොටෝ එක. ඉතින් මම මොකටද ඒක එපා කියන්නේ. හැබැයි ඒක අයිති පොහොට්ටුව. ඔබට හැර ඒක වෙන කෙනෙකුට අයිති නෑ. ඕන කෙනෙකුට ගහගන්න පුළුවන්.”

Mahinda Rajapaksa