එයා අවශ්‍ය නෑනේ, රිටයර් නේ….දැන් මන්ත්‍රීනේ…..!

0

හිටපු ජනාධිපතිවරයාගේ රූපය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හෝ වෙනත් කිසිම පක්ෂයට අවශ්‍ය නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“ඒක දැන් කාටවත් අවශ්‍ය නෑනේ. ඒක දැන් රිටයර්.., දැන් මන්ත්‍රිකෙනෙක් නේ ඉතින්,”අමාත්‍යවරයා පවසා සිටියේ.

එසේම අද පස්වරුවේ බැදුම්කර වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා විසින් කිරීමට නියමිත ප්‍රකාශය ගැන ද මාධ්‍යවේදින් මෙහිදි අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඒ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා,

“එතුමා කියන්න ඕන දේ මම කියලා වැඩක් නෑනේ. මම කියන්නේ මොකටෙයි, ඒකේ වැදගත්කමක් තියනවද? ජනාධිපතිවරයාගේ ප්‍රකාශයනේ ඉතාම වැදගත් ලෝකෙම පිළිගන්න එක. ඒ ප්‍රකාශය මම මෙතන ඇවිල්ලා කරලා වැඩක් නෑ.”

Rajitha Senaratne