බැදුම්කර කොමිසම් වාර්තාව පිළිබඳව ජනපති විශේෂ ප්‍රකාශය (Video)

0

යහපාලන ආණ්ඩුව පත්වි මාස කිහිපයක් යාමට පෙර ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමෙදි වංචාව සිදු වූ බවට දේශපාලකයින්, ආර්ථික විශේෂඥයින් ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් විවිධ චෝදනා එල්ල වුණා.

බැඳුම්කර ගණුදෙණුවේදි සිදු වූයේ කුමක්ද? චෝදනා එල්ල වන පරිදි එවැනි වංචාවක් සිදු වූවාද? මේ පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති කොමිසමක් පසුගිය වසරේදි පත් කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු මහ බැංකු නිලධාරින්, අමාත්‍ය කබීර් හෂිම් හා අමාත්‍ය මලික් සමරවික්‍රම, රජයේ විගණකාධිපති, මුද්‍රණලාධිපති ඇතුළු රජයේ නිලධාරින් ද මේ කොමිසම හමුවේ සාක්ෂි දෙනු ලැබූවා.

එම කොමිසමේ වාර්තාව පසුගිය දෙසැම්බර් 30වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දුන් අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිය ස්ථාවරය පැහැදිළි කරන විඩියෝව පහතින්,

ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මුලික කරගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මාධ්‍ය අමතා කරනු ලබන විශේෂ ප්‍රකාශය

Geplaatst door Maithripala Sirisena op woensdag 3 januari 2018