පෙබරවාරි 10 අපි දිනනවා….,මහින්ද ගෙදර යනවා…..

0

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික,  අමාත්‍ය එස්. බි. දිසානායක සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ අන්ත පරාජයකට ලක්වන බවත් ඉන්පසු අනෙකුත් මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වන බවත් පැවසු දිසානායක අමාත්‍යවරයා ඉන් පසුව හිටපු ජනාධිපතිවරයාට විශ්‍රාම ගැනීමට සිදුවනු ඇති බවයි සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ සමග ඒකාබද්ධ විපක්ෂයට ගිය පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් නැති අතර කුමාර වෙල්ගම  ‍ජ්‍යෙෂ්ඨ යැයි කීවද ඔහු 1994 දී පාර්ලිමේන්තුව නියෝජනය කළ අයකු බවත් ඔහු මෙහිදි සඳහන් කර සිටියා.

S. B. Dissanayake