සංචාරක ක්ෂේත්‍රයේ ආදායමට වඩා රටේ ගරුත්වය වැදගත්….අපි යටත් විජිතයක් නෙමෙයි

0

විදේශිකයන්ට පමණයි යන ලේබලයෙන් පවත්වා ගෙන යන සංචාරක හෝටල් රටේ ආත්ම ගරුත්වයට කැළලක් බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.

විදේශිකයන්ට පමණක් යනුවෙන් ලේබල් කරමින් දේශීය සංචාරකයින් අපහසුතාවයට පත්කරමින් පලාත් කිහිපයක හෝටල් ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙලක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති බැවින්  දේශීය සංචාරකයින්ගේ ද වර්ධනයක් පෙන්නුම් කරන මෙවැනි කාලසීමාවක සංචාරක ප්‍රවර්ධනයට බාධා එල්ලකරමින්, සංචාරකයින්ගේ මානව අයිතිවාසිකම් ද උල්ලංඝණය කරමින් ක්‍රියාත්මක වන මෙම සිදුවීම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පැවැත්වුණා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ එම සාකච්ඡාව සඳහා සහභාගි වෙමිණි.

“ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍ර දියුණු කළ යුතුයි. හැබැයි ලංකාවේ ඕනම බිම් අගලක හෝ වෙරළ තීරයේ ලාංකිකයකුට යෑමේ අයිතිය තිබිය යුතුයි. සමහර අය හිතනවා නම් ඒ අයට සංචාරක ව්‍යපෘති දියුණු කරන්න පුළුවන් කියලා ලාංකිකයන්ට ස්ථානවලට පැමිණිම සම්බන්ධයෙන් තහංචි දාන්නයි, ලාංකිකයන්ට ඒ ස්ථානවලට වෙනම මුදලක් අය කරන්න හදනවා නම් මං හිතන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ. උණවටුන සහ මිරිස්ස යන ප්‍රෙද්ශවල ශ්‍රී ලාංකිකයන් සමහර ස්ථානවලට පැමිණෙන කොට නොයෙක් බාධක, තහංචි, පනවනවා. ඒ සම්බන්ධයෙන් අපි සංචාරක මණ්ඩලය, සංචාරක අමාත්‍යංශය, පොලිසිය, ඒ පළාත් පාලන ආයත.න දෙක වහාම කටයුතු කළ යුතුයි. මං සාචරක මණ්ඩලයෙන් ඉල්ලා හිටිනවා එවැනි ආයතන සංචාරක මණ්ඩලයේ අවසරයක් තියෙනවා නම් වහාම ඒ අවසරය නවත්වන්න. සංචාරක මණ්ඩලයේ අනුමැතිය නැතුව පවත්නා විදේශිකයන්ට පමණයි කියන භෝජනශාලා සහ හොටෙල් වහාම ඒ සම්බන්ධයෙන් නඩු පවරන්න. ලාංකිකයෙක් හැටියට මට කැක්කුමක් තියෙනවා මේ විදේශිකයන්ට පමණයි කියන බෝඩ් එකක්.. අද අපි තාමත් යටත් විජිතවාදි රටක්ද කියන එක ඉස්මතු වෙනවා. අපේ රටේ ආත්මගරුත්වය පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. පළාත් පාලන කොමසාරිස්තුමා ඉන්නවා, පොලිසිය ඉන්නවා, හෙට පටන් දකුණු පළාතේ විදේශිකයන්ට පමණක් තියෙන ආයතන තිවෙනවා නම් ටුවරිස්ට් බෝඩ් අනුමැතිය තියෙනවා නම් ටුවරිස්ට් බෝඩ් අනුමැතිය වහාම කැන්සල් කරන්න. ව්‍යාපාර ලියාපදිංචි කිරිමක් කරලා තියෙනවා නම් ඒ ලියාපදිංචි කිරිම වහාම අත්හිටුවන්න. ඒවගේම නඩු පවරන්න. අපි ලාංකිකයෝ හැටියට ලැජ්ජා වෙන්න ඕන අපේ රටේ මේක සිදුවෙන එක ගැන. නීති සහාය දෙන්නම්.. මම පෞද්ගලිකව වුණත් නීති සහාය දෙන්නම්. මෙවැනි තත්ත්වයක් උදාවීම රටට කරන අපහාසයක්,”අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here