ශ්‍රිලනීපයේ මලගම වුණේ ජනවාරි 09.., බංකොලොත් එජාපය බණ්ඩාරනායක මහත්තයාගේ රුධිරය තැවරුණු සාටකය, මැතිණියගේ නිල් ඔසරිය පිරුවටයක් කරගෙන!

9

එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ ආත්මීය උවමනාව සහිතව ඒකාබද්ධ විපක්ෂය එළඹෙන මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය උදෙසා කැපවෙන බව  පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඊයේ (03) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.

“ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අප සියළු දෙනාගේම ආත්මිය උවමනාව එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය පරාජය කිරීම බැවින් අති බහුතරය තම සහය පොහොට්ටුව වෙත ලබා දීමට තීරණය කළා. ඇයි අපිට මෙහෙම තීන්දුවක් ගන්න සිද්ධ වුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ දේශප්‍රේමීහු කඳවුරේ මහගෙදර aඅවාසනාවකට මේ මහගෙදර අද එක්සත් ජාතික පක්ෂය විසින් බදු අරගෙන තියනවා. එක්සත් ජාතික පක්ෂය රුධිරය තැවරුණු එස්. ඩ්බ්. ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ සාටකය, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නිල් ඔසරිය පිරුවටයක් විදියට හිගින් දිගටම තමන්ගේ දේශපාලන බංකොළොත්භාවය වහගන්න පාවිච්චි කළා. ජනවාරි 09 වෙනිදා හවස්භාගයේ තමයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයා ඉවත් කරලා 47 හිටපු එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැති කරලා තමයි ඒ ආණ්ඩුව පිහිටුවේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියට අපිට මේක දැනුනේ මහ බරපතල විදියට. මට හිතිච්ච විදිය මම කියන්නම්. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් ඝාතනය වෙච්ච දවසක් තමයි ජනවාරි 09 වෙනිදා. ලෝක ඉතිහාසයේ එහෙම දෙයක් වෙලා නෑ. ඊයේ රූපවාහිනි වැඩ සටහනක මගේ පැරණි මිත්‍රයෙක් කිව්වා ඊයේ තමයි නිදහස් පක්ෂයේ මලගම සිද්ධ වුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සුගතදාස ක්‍රිඩාංගනයේ කියලා. නෑ සහෝදරයා ජනවාරි 09 ඒක වුණේ,”මන්ත්‍රිවරයා පවසා සිටියා.

Dullas Alahapperuma

9 COMMENTS

  1. Whoa, incredible blog format! How long are you currently blogging for?

    Your website is fantastic, and content materials are extremely
    good!

Comments are closed.