ගෝඨා ආවොත් මම යනවා.., යන අය යන එකමයි හොද….!

0

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට සහය පල කිරීමට පැමිණියහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පවසා සිටිනවා.

ඊයේ (03) ගම්පහ පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ප්‍රශ්නය: පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකතු වෙන කතාවක් තියනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය?

“ඒක නම් මම හිත්න්නේ වෙන එකක් නැහැ. ඒක අර නයයි මුගටියයි විවාහ වෙනවා වගේ වැඩක්. ඒක කවදාවත් වෙන එකක් නැහැ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතිගරු ජනාධිපතිතුමාට මම හිතන්නේ නැහැ මහින්ද රාජපක්ෂ වගේ පාලකයෙක් එක්ක දේශපාලනය කරන්න පුළුවන් වෙයි කියලා. ඔහු හීනකින්වත් එහෙම හිතන එකකුත් නැහැ. එහෙම හිතන්න අපි ඉඩ තියන්නෙත් නැහැ.”

ප්‍රශ්නය: 6 වෙනිද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රැලියක් පැවැත්වෙනවා කඩවතදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ආණ්ඩුවේ මැති ඇමතිවරුත් වේදිකාවට නගිනවා කියලයි කියන්නේ?

“එහෙම ඉන්නවා නම් කවුරුහ්අ රි කලින්ම යනවාට තමයි මම නම් කැමති. පොහොට්ටුවට යනවා කිය කිය ආණ්ඩුවේ ඉදගෙන ඇගේ ඉදන් කන කන්නේ නැතුව.”

ප්‍රශ්නය: ඉදිරියේදි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව ගන්නවා කියලා කතාවක් තියනවා?

“එයා ආවොත් අපි යනවා ආණ්ඩුවෙන්. මම දන්නේ නැහැ කොහොම එනවද කියලා,”

ප්‍රශ්නය: ඉදිරි මැතිවරණයෙන් පස්සේ කිසිම පක්ෂයකට රටේ බහුතර බලය ගන්න බැරි වෙයි කියලා ජනතාවගේ මතයක් තියනවා?

“පොඩ්ඩක් ඉවසගෙන ඉන්න තව සුමාන 5යි අපි බලමු” අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.

Sarath Fonseka