බරපතළ වංචා කමිටු වාර්තාවත් ක්‍රියාත්මක කරන්න ශ්‍රිලංනීපයෙන් ඉල්ලීමක්

1

බරපතළ මූල්‍ය වංචා හා දූෂණ පිළිබඳව විමර්ශනයට පත් කළ කොමිසම චෝදනාකරුවන් ලෙස පසුගිය ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රිලංනීප මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් හිටියත් එම වාර්තාව පිළිබඳවත් බැදුම්කර කොමිසම පිළිබඳව කටයුතු කළ ආකාරයෙන්ම කටයුතු කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අද (04) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“මේ සම්බන්ධව නෙමෙයි තව කොමිසමක වාර්තාවක් බාර දුන්නා. ඒක තවමත් නිහඩ බවක් තියනවා. මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශනයට පත් කළ කොමිසම් වාර්තාවෙත් චෝදනා වැඩි ප්‍රමාණයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එම අවස්ථාවේදී නියෝජනය කරන මැති ඇමතිවරුන්ට තියනවා. අපි පක්ෂය විදියට අපි කණගාටු වෙනවා. අපි යෝජනා කරන්න යනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියටත් පාර්ලිමේන්තුව කැදවලා මේ කොමිසම් වාර්තාවන් දෙක ගැනම විවාදයක් පවත්වන්න කියලා. රටක රාජ්‍ය නායකයෙක් තමන්ගේ ආණ්ඩුව තුළ aඇති වෙච්ච සිදු වීම් වලට මෙහෙම මැදිහත් වීමක් වෙලා නෑ. මහ බැංකු අධිපතිවරයා දේශපාලන පත් වීම ලැබු දවසේ ඉදලම මේ කාර්යයන්ට අවනත වෙන්න සිද්ධ වෙනවා තමා පත් කළ නිලධාරියාට අවනත වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ කමිටුවත් නිර්දේශයක් දීලා තියෙන්නේ කොහොමද මහබැංකු අධිපතිවරයා පත් පත් කළ යුත්තේ, ක්‍රියා කළ යුත්තේ කියලා,” අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

 

1 COMMENT

Comments are closed.