2020 එන්නේ රනිල්ද? මහින්දද? තීරණය කරන්නේ මේ ඡන්දය…, ශ්‍රි ලංකා එක ගැන කතා කරලා වැඩක් නැහැ

1

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි වැඩි බලපෑමක් එල්ල කළ හැකි දේශපාලන පක්ෂ දෙක වන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පවසනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.

“මේ මැතිවරණය නික්මම නිකම් පළාත් පාලන මැතිවරණයක් නෙමෙයි. මම දැක්කා පහුගිය දවසක යූ.එන්. පී. එකේ හා නිදහස් පක්ෂේ ඇත්තෝ ටික, ආණ්ඩුව අපේ, පළාත් සභාව අපේ, පළාත් පාලනය ගමට ආවොත් තමයි වැඩ කරන්න පුළුවන් කියලා. මම පළාත් පාලන ඇමතිවරයෙක් හැටියට කටයුතු කළා පහුගිය කාලයේ තමුන්නාන්සේලාගේ වරිපනම් මුදල් වලින් තමයි ගමේ පාරවල් හැදුවේ. එනිසා මතක තියා ගන්න, මේ මැතිවරණය තමයි ඊලඟ ඡන්දෙදි ආණ්ඩුව පිහිටුවන්නේ රනිල් ද මහින්ද මහත්තයා ද කියන එක තීරණය කරන්නේ මේ මැතිවරණයෙන්. මේ මැතිවරණයේදි ජනතාව ගන්නා තීන්දුව තමයි බලපාන්නේ. එහෙම නම් අපි මොකද්ද කළ යුත්තේ කියලා කල්පනා කරලා බලන්න. ශ්‍රි ලංකා එකෙ ගැන කතා කරන්න එපා ගමේ. ඔබතුමා මට වැඩිය හොදට දන්නවා නේ ශ්‍රි ලංකා එක ගැන කතා කරනවාද? බුලත් කොළය ගැන කතා කරනවා ද නෑනේ” මන්ත්‍රිවරයා පවසා සිටියා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here