නීති කඩලා රංචු පිටින් පොලිසියට රංචු පිටින් ඇවිත් සද්දේ දාන්න ඔට්ටු නෑ!

0

මැතිවරණ නීති උල්ලංඝනය කොට පිරිස් පිටින් පොලිසියට පැමිණ පොලිසියට සද්දය දැමීමට කටයුතු නොකරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

අද (05) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශකළා.

“අපේක්ෂයන්ට ගහන්න පුළුවන් එකම එක පෝස්ටර් වර්ගයයි. රැස්වීම් තියන තැනැක් ගැන විතරයි. ඒකේ කථිකයනෙගේ නම දාන්න පුළුවන් ස්ථානය දාන්න පුළුවන්. නියම් ගම දිනවා රට හදමු වගේ ඒ ගොල්ලන්ගේ ආවේණික තේමාව තියනවා නම් දාන්න පුළුවන්. නායකයන්ගේ රූපේ, හිටපු නායකයින්ගේ රූපේ දාලා ගහන්න බෑ. ඒවා අත්තඩංගුවට ගන්න පුළුවන් බලය පොලිසියට තියනවා විතරක් නෙමෙයි පොලිසිය ඒ බලය ක්‍රියාත්මක කරනවා. අපි මේ කාර්යාලවල කටවුට් ගහන්න දීලා තියන එක අයිතිවාසිකමක් නෙමෙයි. අපි දැන් කියලා තියනවා මේ කාර්යාලය කටවුට් ජනවාරි 31 වෙනිදා වෙනකොට ඉවත් කරන්න ඕන කියලා. සමහර අපේක්ෂකයෝ තමන්ගේ පින්තූරේ පොඩියට දාලා තමන්ගේ මහත්තයාගේ හරි නෝනාගේ හරි පින්තූරය ලොකුවට දානවා. හිටපු සභිකයා. මම දිනුවම මෙයා තමයි පත් වෙන්නේ. එහෙම සෙල්ලම් කිරීමක් මේකේ නෑ. ලැයිස්තුවේ නම නැති කිසිකෙනෙකුට පත් වෙන්න බෑ. පිරිමි අපේක්ෂයෝ පත් කරන්න පුළුවන් වෙන්නේ කාන්තාවෝ දිනුවේ නැත්නම් විතරයි. ඒ අපේක්ෂකයා වෙනුවෙන් පූජාවන් තියනවා නම් ලවුස්පීකර් දාලා ඒ අපේක්ෂකයාගේ විතරක් නෙමෙයි ඒ පූජ්‍ය, පූජක උතුමන්ගේත් ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුළුවන් වසර 07කට.” මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here