අපි ගෙවන්නේ දුම්න්දගේ කරුමේද?…….වින්නඹු අම්මලාට පුළුවන් උනාට දයාසිරිට බෑ

0

ගොවීන් මුහුණපා සිටින පොහොර ගැටලුව විසදන්න ආණ්ඩුව මහත් ප්‍රසිද්ධියක් ලබාදී පකිස්ථානයෙන් ගෙන්වන බව කිවූ පොහොර නැවට බාලගිරි දෝෂය දැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න විමසනවා.

ඊයේ  (05) ගලේවෙල, පහලවැව, පල්ලන්යාය පොහොර නොමැතිව කහපාට ගැසුණු වගා බිමක පැවතී මාධ්‍ය හමුවකදී ඔහු බව ප්‍රකාශ කර සිටියා.

මාධ්‍ය හමුව අතරතුර ගොවි ගෙවිලියන් පිරිසක් විසින්, අපේ ගොයම පුදිනවා….? පොහොර නැවක් පකිස්ථානයේ….., අපි විඳවන්නේ කෘෂිකර්මේද ? දුමින්දගේ කරුමෙද ? …. , බාල පොහොර අපට එපා….., ප්‍රමිතින්යුතු පොහොර දියව්… , යනාදි සටන් පාඨ රැගත් පුවරු ඔසවා ගෙන තම විරෝධය  පළ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න,

“පොහොර නැව මග එනවා කිව්වා. පකිස්ථාන අගමැති සමග සාකච්ඡා කරලා ගෙන්වුයේ කිව්වා. කැබිනට් සම ප්‍රකාශක මාධ්‍ය හමුවකදී කිව්වා ප්‍රමාදයකින් තොරව කඩිනමින් පොහොර තොග ගොවීන්ට ලබදීමට කෙලින්ම නැවේ සිට ලොරි රථවලට පටවා ලොරි රථ 200 කින් දිවයින පුරා බෙදාහරින බව.”

“මහත් ආන්දෝලනයට තුඩුදුන් පොහොර ප්‍රශ්න ඉවරයි කියලා මන්ත්‍රීවරු රටපුරාම කියා ගෙන ගියා. ඒ පොහොර නැව පසුගිය දිනවල හම්බන්තොට වාරයේ තියෙනවා කිව්ව ගලේවත් වැදිලාද දන්නේ නැහැ. ඉස්සර වින්නඹු අම්මලා දන්නවා අම්මා කෙනෙකුගේ කුසට දරුවෙකු ලැබෙන්න ආවාම මවගේ චර්යාවන් අනුව පළපුරුද්ද අනුව ගෑනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියලා කියන්න. ඒ තරම් දැනුමක් ඒ වින්නඹු අම්ම්මලට තිබුනා. අපේ සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතාට නොහැකිවෙලා තියෙනවා අඩුම වශයෙන් ඒ පොහොර නැව කොහෙද තියෙන්න කියලවත් කියන්න.”

“ආණ්ඩුව දිගින් දිගටම ගොවි ජනතාව මුලා කරමින් ඉන්නවා. වගා හානි වන්දි ගැන බොරු කිව්වා. පොහොර මුදල් ගැන බොරු කිව්වා. පොහොර ගැන බොරු කිවා. පොහොර නැව එනවා කියලා බොරු කිව්වා, පොහොර තොග කෙලින්ම ගොවිජන සේවා මධ්‍යස්ථාන කරා රැගෙන එන බවට බොරු කිව්වා.”

“ගොවීන්ට ප්‍රමාදවී ලැබෙන පොහොරවලින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. නියමිත කාලයට පොහොර වගාවට යොදන්න බැරිවුනා. නියමිත කාලයට වගාවට පොහොර යොදන්න බැරිවුණ වගාවකින් වැඩක් නැහැ.”

“දැන් වී ගොවිතැනට බොහෝ ප්‍රදේශවල දින 30-45ක් ගතවෙලා. තාමත් පොහොර ලැබිල නැහැ. දැන් ආණ්ඩුව කියනවා පොහොර තොග සියල්ලම නැවෙන් බාපුගමන් ගොවියටම දෙනවා කියල. එසේ නැවෙන් කෙලින්ම ගොවියාට ලබාදෙන පොහොරවල ප්‍රමිතිය පිලිබදව වගකීම දරන්නේ කවුද?”

M. D. Namal Karunaratne