ජනාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කරන හැටි හොයන්නේ නැතුව වෙන මැ.කො. වෙන පැලැස්තර යෙදීම විහිළුවක්

7

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට මැතිවරණ කොමිසමට යොමු කළ චෝදනා වලට ක්‍රියාත්මක නොවන මැතිවරණ කොමසාරිස්වරයා රාජ්‍ය දේපළ හා සම්පත් භාවිතය නීති විරෝධි යැයි හා එවැනි කාර්යන් සඳහා රජයේ නිලධාරීන් වගකිව යුතු බව නැවත නැවතත් මාධ්‍යයට ප‍්‍රකාශ කිරීම විහිළුවක් බව මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසා සිටිනවා.

ජනවාරි 04 වෙනි දින මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනය ජනාධිපති ලේකම් කාර්යාලය යොදා ගනිමින් එළි දැක්වීම සම්බන්ධයෙන් මෙවැනිම ලිඛිත පැමිණිල්ලක් මීට හරියටම සතියකට පෙර 2017 දෙසැම්බර 28 වන දින ලබා දුන්නත් මැතිවරණ කොමිසම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවුනු බවයි.

කුසල් පෙරේරා විසින් ජනවාරි 04 දින මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ ලිපිය,

2018 ජනවාරි 04 වන දින

සභාපති,

ශී‍්‍ර ලංකා මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ මහ ලේකම් කාර්යාලය

සරණ මාවත

රාජගිරිය.

සභාපතිතුමනි,

ජනාධිපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම

උක්ත කාරණාවට අදාල වූ පළාත් පාලන මැකිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනය ජනාධිපති ලේකම් කාර්යාලය යොදා ගනිමින් එළි දැක්වීම සම්බන්ධයෙන් මම මෙවැනිම ලිඛිත පැමිණිල්ලක් මීට හරියටම සතියකට පෙර 2017 දෙසැම්බර 28 වන දින ඔබ වෙත යොමු කළෙමි. එමගින් මම,

1. ජනාධිපති ලේකම් කාර්යාලය මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම

2. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා ගාස්තුව සහ එම උත්සවය වෙනුවෙන් සිදු කළ වියදම් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම

3. ජාතික රූපවාහිනිය එම මැතිවරණ ප‍්‍රචාරක කාර්ය සඳහා යොදා ගැනීම

යන කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වහා පියවර ගත යුතු යැයිද ඒ පියවර ප‍්‍රසිද්ධ කළ යුතුයැයිද ඉල්ලා සිටියෙමි.

එහෙත් ජනාධිපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කළේ යැයි මා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිහඩ වන්නා වූ ඔබ, මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ හා සම්පත් භාවිතය නීති විරෝධි යැයි හා එවැනි කාර්යන් සඳහා රජයේ නිලධාරීන් වගකිව යුතු බව නැවත නැවතත් මාධ්‍යයට ප‍්‍රකාශ කිරීමත් පැමිණිලි සඳහා විද්යුත් තැපැල් ගිණුම් දිස්ති‍්‍රක්ක අනුව ප‍්‍රකාශයට පත් කිරීමත් විහිළුවක් යැයි මම කියමි.

මැතිවරණ නීති උල්ලංඝණය පිළිබඳව කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් පියවර ගැනීමේදී කල් මැරීමෙන්, එවැනි උල්ලංඝණ කිරීම් සඳහා ඔබ තව දුරටත් ඉඩ තබන්නේය. ඔබ ඇතුළු මැතිවරණ කොමිසම ජනතා බදු මුදලින් නඩත්තු කෙරෙන්නේ ඒ සඳහා නොවේ. එපමණක්ම නොවේ. ජනාධිපතිට එරෙහි එම පැමිණිල්ල සම්බන්ධ කිසිදු පියවරක් නොගැනීමෙන් ඔබ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය හා වගකීම දේශපාලන වශයෙන් පාවා දෙන්නේ යැයිද මම චෝදනා කරමි.

මෙම චෝදනාවෙන් මැතිවරණ කොමිසම නිදොස් කරගැනීමට ඔබට තවමත් කාලය ඇත. එබැවින් ඒ වෙනුවෙන් මවිසින් 2017 දෙසැම්බර 28 වන දින ජනාධිපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට යොමු කළ පැමිණිල්ලට අදාලව වහා පියවර ගන්නා මෙන් නැවත මෙයින් ඉල්ලමි.

ස්තුතියි.

මෙයට විශ්වාසි,

කුසල් පෙරේරා

ස්වාධීන මාධ්‍යවේදී

එසේම කුසල් පෙරේරා දෙසැම්බර් 28 වෙනිද මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපිය,

7 COMMENTS

  1. I loved as much as you’ll receive carried out right here.

    The sketch is tasteful, your authored material stylish. nonetheless, you command get bought an edginess over that you wish be delivering the following.

    unwell unquestionably come more formerly again since exactly the same nearly a lot often inside case you shield this hike.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here