මහේන්ද්‍රන්ටවත්, ඇලෝසියස්ටත් නෙවෙයි හොරකම ඕන වුණේ රනිල් වික්‍රමසිංහට……!

0

මහ බැංකු බැදුම්කර කොමිසම් වාර්තාවෙන් රෙදි ගැලවුණේ අර්ජුන් ඇලෝසියස්ගේ හෝ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.

එම පෙරමුණ විසින් කැදවනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

“මේකෙන් රෙදි ගැලවුණේ අර්ජුන් ඇලෝසියස්ගේවත් අර්ජුන් මහේන්ද්‍රන්ගේවත් නොවේ අගමැතිවරයාගෙයි රෙදි ගැලවුණේ. අගමැතිවරයයි මේක සාධාරණීකරණය කළේ පාර්ලිමේන්තුවේදි. අගමැතිවරයයි තමන්ගේ හිතවත් නීතිඥවරුන් ලවා කමිටු දාලා මේ පත් වීම සාධාරණීකරණය කරන්නට මිටු වාර්තා ඉදිරිපත් කළේ. ඒනිසා මේ හොරකම අර්ජුන් ඇලෝසියස්ටවත්, අර්ජුන් මහේන්ද්‍රන්ටවත් ලාබ උපයන්න කරපු හොරකමක් නෙමෙයි. මේක තනිකරම අගමැතිවරයාගේ උවමනාව, අගමැතිවරයාගේ මගපෙන්වීම අගමැතිවරයාගේ මෙහෙයවීම යටතේ සිදු වෙච්ච් මංකොල්ලයක්. සොරකමක්. ලංකා ඉතිහාසයේ සිදු වෙච්ච විශාලතම මංකොල්ලය ඒනිසා මෙහි ප්‍රධාන චූදිතයා බවට පත් කළ යුත්තේ අගමැති වික්‍රමසිංහ මහත්මා බව අපි රටටත්, රජයටත් ප්‍රකාශ කර සිටිනවා,”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here