UNPය බයෙන් ආණ්ඩු කරන්නේ නැහැ… අපිත් මහගමන යන පොඩි ගමන තනියෙන් යන අන්තවාදි පක්ෂ අතුගාලා දාන්න ඕන

1

යහපාලන ආණ්ඩුව තුළ වැඩි ප්‍රතිලාභ හිමි වී ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට බවත් එම ඉසා අසරණ එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් දැඩි අපහසුතාවට ලක් වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවි කරුණානායක පවසා සිටිනවා.

කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියා.

“හවුලක් තියනකොට අවුලකුත් තියනවා කියලා යම් අය කියනවා. ඒනිසා කොතරම පරස්පර විරෝධි මත තිබ්බත් පක්ෂ දෙක එකට ඇවිල්ලා මේ ගෙනියන අමාරි ගමන ගැන අපි මේ අවස්ථාවේදී මතක් කරන්න කරන්න ඕන. අපි ජන වරමයි ඉල්ලන්නේ. අද මේ තනි අලියා ගැන කතා කරනකොට සමහර අයට වලිප්පුව හැදෙනවා. චරිත ඝාතනය කරලා අලියා බය කරන්න හදනවා. මේ අවස්ථාවේදී කියන්නේ එක්සත් ජාතික පක්ෂයයි අපේ රනිල් වික්‍රමසිංහ නායකතුමායි යටතේ මේකේ බයෙන් පාලනය කරන්නේ නැහැ කියන එක මම මතක් කරන්න කැමතියි.”

” අපිව කුචි කවන්න හිතන මේ අහිංසක ජනතාව රවට්ටන්න හදන ඒ යුගය අවසන් කරන්න කාලෙක ජනතාවට දේශපාලනය තිත්ත වෙලා තියන අවස්ථාවක තමයි මේ වගේ ඡන්දයක් ඇවිල්ලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට අද බලය හදලා පැත්තකට වෙලා ඉන්න වෙලා කියන එක අපේ මේ අහිංසක ජනතාව කියනවා. අද වරප්‍රසාද යන්නේ අපේ හවුල්කාර පාර්ශවයට කියලා හැම දෙනාම කියනවා. බලන්න ධීවර අමාත්‍යාංශයෙන් ජනතාවට සේවය කරන්න ගන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ජනතාවට සේවය කරන්න ගන්නවා. සමෘද්ධිය තුළින් අනිසි ප්‍රතිඵල අරගෙන ඒ වගේ ජනතාවට සේවය කරන්න හදනවා. මේක තුළින් අපි එක පැත්තකින් පෙවනවා, ඒ අය අනිත් පැත්තෙන් දොවනවා. ඒ වගේම අපේ සුහද පක්ෂය අපිත් එක්ක මහ ඡන්දෙට එක ගමනක් යනවා වෙනින් ඡන්ද වලට වෙන ගමනක් යනවා. ඒ වගේ අන්තවාදි පක්ෂ අතුගාලා දාන්න ඕන” මන්ත්‍රිවරයා පවසා සිටියා.

1 COMMENT

  1. Hi there to every body, it’s my first pay a visit of this

    webpage; this web site carries remarkable and truly

    fine information in favor of visitors.

Comments are closed.