බැදුමිකර වාර්තාව හරහා එජාපය විනාශ කරන්න හදනවා

0

බැදුමිකර කොමිසමි වාර්තාව එළ දක්වමින් ජනාධීපතිවරයා අපේක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍රබිමල් රත්නායක පවසයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයන් හදුන්වාදිම සදහා අද (06.01) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්විමකට එක්වෙමින් මන්ත්‍රීවරය සදහන් කළේ කොමිසමි වාර්තාවේ සදහන් පරිදි එම වංචාව සිදුකළ අයගෙන් මුදල් අය කර ගැනිමට නිති සකස් කර ගැනිමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්නේ නමි එම පතනට සහයෝගය දක්වා ජනතා විමුක්ති පෙරමුණද ජන්දය ලබා දෙන බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි මහින්ද රාජපක්‍ෂ වට එක්රැස්වි තරග වදින්නේ එතුමා වටා සිටි පැරණීම හොරු කණ්ඩායම බවද මන්ත්‍රීවරය සදහන් කලා.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි මේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ මෙතෙක් ලබා ගෙන ඇති ජන්දය ප‍්‍රමාණය අභිබවා කිසිදු දේශපාලන පක්ෂයක් ලබා නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ලබා ගෙන තිබු ජන්දය ප‍්‍රතිශතයට වඩා වැඩි ජන්ද ප‍්‍රතිශතයක් ලබා ගන්නා බවද බිමල් රත්නායක වැඩි දුරටත් කියා සිටියා.