බුලත් කඩයක්වත් කරපු නැති අය bond ගැන කතා කරනවා…, අගමැතිව අයින් කරන කූට වැඩක් මේක

0

බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාවත් හිටපු මුදල් අමාත්‍යවරයා වන තාමාවත් වැරදි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක පවසනවා.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පැවති එජාප මැතිවරණ ප්‍රවර්ධන වැඩ සටහනකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

ප්‍රශ්නය: අර්ජුන ඇලෝසියස් ඔබතුමා පදිංචි වෙලා හිටිය නිවසට කුලි ගෙව්වානේ, ඒ සම්බන්ධයෙන් නිර්දේශ කරලා තියනවා කියලා අල්ලස් නඩු පවරන්න කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඔබතුමා ඒකට එකඟ ද?

“මම හිතන්නේ මේකේ ඔරිජිනල් වාර්තාව අපිට ලැබෙන කම් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ ප්‍රකාශ කරලා තියන එක සම්පූර්ණයෙන්ම ව්‍යාජයි. ඔරිජිනල් සහතිකය අපිට ඉල්ලලා තියනවා. අපි දැනුම් දීලත් දැන් දවස් පහක් හයක් දීලා තියනවා. මම හිතන්නේ සදාචාරාත්මක වශයෙන් ඒක අපේ අගමැතිතුමාට ලබා දිය යුතුයි. ඉන්පසුව ඔබේ ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න අපි සූදානම්.”

ප්‍රශ්නය: ප්‍රශ්නගත බැදුම්කර නිකුතුවට කලින් ඔබතුමා රාජ්‍ය නිලධාරින් කැදවලා අඩු ලංසුවලට ඉල්ලීමට නියෝග කළේ ඇයි?

“ඔබතුමා ඇහුවා නම් බොන් වාර්තාවේ අපේ කිසිම සම්බන්ධකමක් නැහැ කියලා ඔප්පු වෙලා තියනවා නේ. තව මොනවද අහන්න අවශ්‍ය? බුලත් කඩකයක්වත් දුවපු නැති අය තමයි මේ ගැන කතා කරන්න එන්නේ.

ප්‍රශ්නය: බැදුම්කර කොමිසමට ඔබතුමා බොරු සාක්ෂි දුන්නා කියලා නඩු දැම්මොත් ඒ හා සම්බන්ධ අනෙක් අය හෙලිකරනවාද ?

“මම දන්නේ නැහැ බොරු කියන්නේ මොකද්ද කියලා. මොකද අපි කියලා තියන දේවල් අවංකව කියලා තිබ්බම මේ වගේ දෙයක් දෙන්න ඒක පුදුම සහගත වැඩක්.”

ප්‍රශ්නය: ඔබතුමාට චෝදනා එල්ල වෙලා ඔබතුමා අයින් වුණා මෙකෙන්. අගමැතිතුමාටත් චෝදනා එල්ල එනවා මේගැන? අගමැතිතුමාත් ඉල්ලා අස්වෙයිද?

“ඔන්න ඔය වගේ කූට වැඩක්තමයි කරන්න හදන්නේ. අපේ අගමැතිතුමා කිසිම වැරැද්දක් කරලා නැහැ. මමත් කිසිම වැරැද්දක් කරලා නැහැ. පෞද්ගලිකව අපි වගේ අයව ඉලක්ක කරන්න හදනවා. අපි බය නැහැ.”

Ravi Karunanayake