ජාති ජාතිත් සහගහන අපරාධයක්……! අගමැති වහාම ඉල්ලා අස්වෙන්න ඕන…..

1

වෙස්ට්මිනිසිටර් පාර්ලිමේන්තු ක්‍රමය අනුගමන කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වහාම තම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය පියසිරි විජේනායක පවසනවා.

ඊයේ (06) ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පැවති මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පවසනවා උපදෙස් දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ. එතකොට අගමැතිවරයාට මේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ජනාධිපතිතුමාත් කියනවානේ යම් වගකීමක් අගමැතිවරයාට තියනවා කියලා. මේ සම්බන්ධයෙන් වන අධිකරණය තීරණය ගන්නයි අපි ඉක්මන් වෙන්න ඕන.” පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මෙම මාධ්‍ය හමුවේදි සඳහන් කර සිටියා.

“වෙස්මිනිස්ටර් ක්‍රමය හැම විටම අගය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. එංගලන්තෙයේ කෝච්චියක් පෙරලුනත් ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙනවා. ඒනිසා අපි කියනවා ජාතිය ඉදිරියේ තමන්ගේ නිවැරැදිතාවය පෙන්නලා තමන්ගේ ධූරයෙන් ඉල්ලා අස්වෙන්න. ඉල්ලා අස්වෙලා ජනාධිපතිතුමට ඒක බාර දෙන්න. මේ පරීක්ෂණය ඉවර වෙනතුරු මම අගමැතිකමෙන් ඉවත් වෙනවා කියන එක. දුක් විදින මිනිස්සු බිලියන 8ක්. මහපාරේ වැඩකරන දුක් විදින ජනතාව එකතු කරගත්ත මුදලට වංචා කෙරුවානම් ජාති ජාතිත් සහගහන හොරකමක් ඒක.”විජේනායක හිටපු අමාත්‍යවරයා පවසා සිටියා.

1 COMMENT

Comments are closed.