ආර්ථිකය හැදුවා.., රට හැදුවා…විවේකයට පොඩ්ඩක් නැටුවා……!

0

මහින්ද රාජපක්ෂ ණයත් එක්ක බාර දුන් ආර්ථිකය ගොඩ නගා, රට සංවර්ධනය කොට ඉඩ ලැබුණු විවේකයේදි බයිලා එකක් ද නැටු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (07) කොළඹ කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමින් අගමැතිවරයා මේ බව පවසා සිටියා.

“අපි මෙහාට ආවේ යහපාලනය ගේන්න. අපි ආණ්ඩුවක් කරනකොට චෝදනා තියනවා නම් ඒවා ගැන විභාග කරලා පියවර ගන්න. බැදුම්කර ගැන චෝදනාව ආවගමන්ම මම පිටිපන කොමිසම පත් කළා. ඒ වාර්තා එක්ක පාර්ලිමේන්තුවේ විවාදයක් ඇති කළා. පිටිපන කොමිසම තවත් දිගට විමර්ශනය කරන්නඕන නිසා හදුන්නෙත්ති ප්‍රධාන කෝප් කමිටුවට බාර දුන්නා. කෝප් කමිටු වාර්තාව ගැන විවාදය කළාට පස්සේ 2016 වසරේදි මම නීතිපතිට යවලා කිව්වා මේක ගැන කරලා තියන නිර්දේශ අනුව අපි ගත යුතු නීතිමය පියවර මොනවද කියලා දැනුම් දෙන්න කියලා. 2017 අර්ථaසාධක අරමුදල ගැන pපරීක්ෂණයක් කරන්න ඕන. පර්පර්චුවල් ට්‍රෙෂරීස් ගැන පරීක්ෂණයක් කරන්න ඕන කියලා මහබැංකු අධිපති කිව්වාම මම නීතිපතිට කිව්වාම මම නීතිපතිට කතා කරලා ඒ වැඩ කටයුතු කළා. ඒ බිලියන 11 aආරක්ෂා කරන්න කියලා. මට මහ බැංකු අධිපති කිව්වා ඒබිලියන 11 තියනවා උසාවියේ නඩුවක් දාලා තමයි ගන්න වෙන්නේ කියලා. ජනාධිපතිතුමා කිව්වා ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕන කියලා. මම ඒකට එකග වුණා. මමයි ඇමතිවරු 3 දෙනෙකුයි ගිහිල්ලා ඒකට සාක්ෂිත් දුන්නා. මේ ලංකාවේ නොකරපු දෙයක්. අද කොමිසම් වාර්තාවත් ඇවිල්ලා තියනවා. ඒකත් නීතිපතිට යවලා තියෙන්නේ. දැන් නීතිපතිට ඒ ගැන කතා කරන්න ඉඩ දෙන්න.”

“දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ගිය සතියේ මගෙන් ඇහුවා පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන්ද මේ ගැන විවාද කරන්න කියලා. කිසිම කාරණයක් නෑ මම කතා නායකතුමාට කියනවා පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. අපි විනිවිඳභාවයෙන් වැඩ කරලා තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නෑ. හංගන්න දෙයක් නෑ ඒත් මේ කොමිසම් වාර්තාව අරගෙන පෙන්න පෙන්න කතා කරන ඒකාබද්ධ විපක්ෂයට මම එකක් කියනවා. මේ කොමිෂන් සභා වාර්තාව අරගන්නවා නම් අපි ඉතුරු පියවරත් අරගමු. මෙම කොමිෂන් සභාවෙන් වාර්තා වන තත්ත්වයට සමාන තත්ත්වයක් 2008 වසරේ සිට සිදු වී ඇති බබව කොමිෂන් සභාවේ නිර්දේශයයි. ඒ කියන්නේ 2008 යි 2015 අතරේ මහ බැංකුවේ හොරකමක් වුණා ලු. වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ ඒ කාලය තුළ බව කොමිෂන් සභාව නිර්දේශ කරනවා. ගාණ දන්නවාද? රුපියල් බිලියන 4000ක් අනුමැතිය නැතුව වෙන්දේසි කරලා තියනවා. මාධ්‍යනේ මෙතන කෑගහන්නේ. බය වෙන්න එපා මහින්ද රාජපක්ෂ මැතිතුමා බිලියන 10000ක් ණයක් ඔය ගොල්ලන්ට බාර දීලා ගිහින් දැන් බය නැතුව එතුමාගෙන් අහන්න. එනිසා දැන් ගිහින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අහන්න බොන්ඩ් කොමිෂන් වාර්තාවට මොකද කරන්නේ කියලා. බිලියන 10000ක් කවදාද හම්බවෙන්නේ කියලා. ඇයි මාධ්‍ය බය?”

“මම හරි කැමතියි පාර්ලිමේන්තු විවාදයට අපි අහමු මේ ගැන. එහෙම රට පාලනය කරපු අය තමයි අද ගම ඉල්ලන්නේ පාලනය කරන්න. ඒ අයට ගම හදන්න බෑ. මම පිළිගන්නවා අපිට හැම දේම කරන්න බැරි වෙලා තියනවා. ආර්ථිකය කඩා වැටුනා නම් ඔක්කෝම ඉවරයි. අපි ඉස්සල්ලා  මේ ටික හැදුවා. සංවර්ධනය ආරම්භ කළා එතනදි පොඩි විවේකයක් ගන්න මම බයිලා එකකුත් නැටුවා. මම ප්‍රතිඥා ඉල්ලන්නේ නෑ. අපිට පුළුවන් අපේ වැරදි හදාගන්න. එක සභාපතිවරයෙක් අහුවුනොත් හොරකම් කරලා මේ වගේ ඒ අයටත් පරික්ෂණ තියනවා කියලා මම කියන්න ඕන.”

Ranil Wickremesinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here