උදර්පණ නීතිය මගින් අර්ජුන මහේන්ද්‍රන්ට නඩු පවරන්න පුළුවන්…සිංගප්පූරුවේ දේපල වලින් අලාභ ගන්නත් පුළුවන්

0

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ලංකාවේ පුරවැසියෙක් නොවූවද උදර්පණ නීතිය අනුව ඔහුට එරෙහිව නඩු අසා පියවර ගත හැකි යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පවසනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ආචාර්යවරයා මෙසේ දක්වා සිටියා.

“ශ්‍රී ලංකා ආණ්ඩුව සිංගප්පුරුවෙන් ඉල්ලීමක් කලොත් අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට එරට සහයෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම 1958 නිව්යෝර්ක් සම්මුතියට අප අත්සන් කර තිබෙන නිසා අර්ජුන් මහේන්ද්‍රන් නැතත් මෙහි නඩු අසා නඩු තීන්දුව පිළිබඳව සිංගප්පුරු අධිකරණය දැනුවත් කර එරට තිබෙන ඔහුගේ දේපළ වුවද හිමිකරගෙන අලාභය පියවා ගන්න නෛතික ප්‍රතිපාදන තිබෙනවා. දැන් නීතිපතිවරයා නොපමාව කළ යුත්තේ චෝදනා පත්‍රය ගොනුකර අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමයි. එසේ නැතිව මේ ගැන තවදුරටත් තැන් තැන්වල කතා කිරීමෙන් කිසිදු පළක් නැ”