වැලිකඩ ඉන්න ඕන උන් bond එක ගැන කතා කරනවා…, ආච්චිගේ රෙද්ද….අගමැති තවමත් Mr. Clean…..

0

රටේ මුදල් හොරකම් කර වැලිකඩ බන්ධනාගාරයේ සිටිය යුතු පිරිස අද බැදුම්කර ගණුදෙනුව ගැන කතා කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඊයේ කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂම්සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ගිය ආණ්ඩුවේ කෝටි ප්‍රකෝටි ගණනින් ගැහුව උන්, ජනාධිපතිගේ පවුලේ උන්ගේ තියනවා එකාගේ එකවුන්ට් දෙකක් අපි හොයා ගෙන තියනවා ඩොලර් මිලියන 1886යි. මහලොකු වීරයා කියලා අපේ හාමුදුරුවෝ පිඩුසිගා වැඩියේ ඒ රණවිරුවගේ මිග් ගැහිල්ල කොහොමද? ඒ මිග් ගැහිල්ලේ අද MoU දෙකක් ඇවිල්ලා තියනවා. නියම MoU එකයි,  බොරු MoU එකයි. ඒකේ යුක්ක්‍රේනයේ ඇමතිවරයාගේ අත්සන් දෙකයි. ලසන්ත මේක එළිදරව් කළා එදා නමුත් ලසන්ත අතේ බඩු තිබුණේනෑ. මෙයා ලසන්තට විරුද්ධව දැම්මා නඩුව නමුත් ලසන්තට ඔප්පු කර ගන්න බැරි උණා. ලසන්තට සිද්ධ වුණා පත්තරෙන් සමාවගන්න. ඊට පස්සේ ලසන්තට බඩු ආවා. ලසන්ත ගහන්න ලෑස්ති කළා MoU එක පිටු දෙක ඊට ඉස්සල්ලා ලසන්තව මැරුවා. මේවා හොයන්න අපි පහු වෙච්ච නිසා තමයි අද උන්ට bond එකක් ගැන කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. කෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාට bond කොමිසමෙන් සහතිකයක් දීලා තියෙන්නේ. තමුන්නාස්සේ තවමත් Mr. clean. මාධ්‍යයත් ගිහිල්ලා උන්ගේ හොම්බට තියලා මයික් එක දික් කරනවා නේ. මේ පට්ට හොරෙක්. දැන් ඔක්කෝම කට පොට හදාගෙන ඇදුම් ඇදගෙන හිටියා. bond කොමිසම කියනවා යකෝ මේ කාලයේ නෙමෙයි. මීට වඩා කෙලියා ගිය කාලයේ කියලා. මේ වැලිකඩ ඉන්න ඕන එවුන් මුන් ඇවිල්ලා bond එක ගැන කතා කරනවා. bond එක……, ආච්චිගේ රෙද්ද bond එක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here