පක්ෂේ දීලා ආපහු එනකොට පඩි ගෙවන්නවත් සල්ලි නෑ…,කෝටි ගණන් හොරා කෑවා…..සමහරුන්ව බලෙන් හොරුකළා

0

පසුගිය රජය සමයේ ප්‍රාදේශිය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු ආදි මන්ත්‍රිවරුන් සියළු දෙනා බලහත්කාරයෙන් හොරු බවට පත් කොට රටේ සියළුම මුදල් හොරා කෑම සිදු කළ බව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග චෝදනා කරනවා.

ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සදහන් කර සිටියා.

“පොහොට්ටුවක් ඉස්සරහට දාගෙන ඡන්දේ ඉල්ලන්න එක එක්කෙනා එනවා. විලි ලැජ්ජා නැතුව තවමත් aඅපේ ජනතාවගෙ ඡන්දෙ ඉල්ලන්නේ එන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂේ මහලේකම්වරයා විදියට මම පත් කෙරුවේ මහින්ද රාජපක්ෂව. අපි එනකොට සල්ලි නෑ. පඩි ගෙවන්නවත් සල්ලි නෑ. නමුත් මේ ගොල්ලෝ හොරකම් කෙරුවේ කොහොමද? වැඩියෙන්ම පාරවල හදලා. ඉතින් අපේ මෝඩයෝ කියනවා මැඩම් මොනවා වුනත් මේ ගොල්ලෝ අඩු ගානේ පාරවල් හැදුවා නේ. පාරට වැය වෙන  මුදල වාගේ පස් ගුණයක් වැය කෙරුවා. රුපියල් ලක්ෂය නම් වැය වෙන්න ඕන ලක්ෂ 5යි පාරට. ආණ්ඩුවෙන් සල්ලි ගෙවනවා ඉතුරු ලක්ෂ හතර උන්ගේ සාක්කු වලට. මහ එකාගේ ඉදලා, පුත්තුන්ගේ ඉදලා, ගෑනිගේ ඉදලා, සහෝදරයන්ගේ ඉදලා මේ පැත්තේ ඉන්න නියෝජිතයන්ට. ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට, පළාත් සභා මන්ත්‍රිවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එන්න කියලා කියන්නේ මොකද්ද තොපිලා ඕන තරම් හොරකම් කරපල්ලා. අර ගෑනි වගේ මම ඔය ගොල්ලෝ පිටිපස්සේ පන්නන්නේ නෑ. ගෑණි කිව්වේ මට. ඔක්කෝමලා බලහත්කාරයෙන් හොරු බවට පත් කෙරුවා. රටේ සියළු මුදල් හොරකම් කෙරුවා. රාජපක්ෂ තව මාස තුනක් බලයේ හිටියා නම් රජයේ සේවකයින්ගේ පඩි ගෙවන්නවත් මුදල් තියෙන්නේ නැහැ. තියලා ගිහිල්ලා තියන ණය රුපියල් කෝටි ලක්ෂ 9යි. දැන් ඉතින් ගෙවනවා,” හිටපු ජනාධිපතිනිය පවසා සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here