කිසිම චාරයක් නැති කියන දේ නොකරන මහබැංකු අධිපති තමයි මේ හැම ප්‍රශ්නෙටම මුල…….!

0

කිසිම චාරයක් නැතුව කටයුතු කරන වර්තමාන මහ බැංකු අධිපතිවරයා බැදුම්කර සිදුවීමේ ලොකුම කොටස්කරුවා බවට පත් ව ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

ජේෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග අනුස්මරණ උත්සවය සඳහා සහභාගි විමට බොරැල්ල කනත්ත වෙත පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා

ප්‍රශ්නය: බැදුම්කර සිදුවීමේදි ඔබතුමාට බරපතල චෝදනා එල්ල වෙලා තියනවා. ලසන්ත වික්‍රමතුංග හිටියා නම් ඔබගේ පැත්ත ගන්න එකක් නෑ?

“ඒ ඔබතුමානේ කියන්නේ. ඔබතුමත් හරියට කොමිසම් වාර්තාව වගේ. ඔරිජිනල් එකක් එන්නේ නැතුව කොහොමද දන්නේ? ”

ප්‍රශ්නය: කොමිසම් වාර්තාව කියනවා ඔබතුමා කොමිසමට බොරු කිව්වා කියලා?

“නොදැනුවත්ව එක කොටසක් අරන් පිටු 1242 තියන එකේ එහෙම නිකම් දාන එක අසාධාරණයි.”

ප්‍රශ්නය: නමුත් අවසානයේ රටට බිලියන 11ක පාඩුවක් වෙලා තියනවා?

“කොහෙන්ද?” අපි ඒකට සම්බන්ධ කමක් තියනවා ද? නෑනේ”

ප්‍රශ්නය: අවසානයේ පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අල්ලස් ගත්තා කියලා තමයි ඔබතුමාට චෝදනා එල්ල වෙන්නේ?

“ඒ ඔබතුමාට පේන දේ වෙන්න ඇති අපිට මුකුත් එහෙම හිතෙන්නේ නෑ. ජනාධිපති නෙමෙයි කවුරු කිව්වත් නොකරපු දෙයක් කියන්න කාටවත් අයිතියක් නෑ. මේ වගේ අසාධාරණකම් ලසන්තට විතරක් නෙමෙයි අපිටත් වෙනවා.”

ප්‍රශ්නය: දැන් ඉන්න මහ බැංකු අධිපතිවරයාටත් කැනේඩියානු පුරවෙසිබවක් තියනවා කියලා ඔබතුමා දැන ගෙන හිටියද?

“මම එදා ඉදන් කිව්වා කිසිම චාරයක් නැතුව කීයන දේ නොකරන පුද්ගලයෙක් වශයෙන් එතුමා තමයි මේ ප්‍රශ්නයේ තියන ලොකුම කොටස්කරුවා.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here