රාජපක්ෂලා හොරු නෙමෙයි…., තියන දේ විකුණලා හරි දේශපාලනය කළ උදවිය…..

0

තියන දේ විකුණලා දේශපාලනය කළ රාජපක්ෂවරුන් හොරු නොවන බව හිටපු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා පවසනවා.

ඊයේ (08) කැදවනු ලැබු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එහිදි මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් හිටපු අමාත්‍යවරයා,

ප්‍රශ්නය: ඔබතුමා පිලිගන්නවාද පහුගිය රජය සමයේ මුදල් අවභාවිතා වුනාද නැද්ද කියලා?

“පසුගිය රජය කාලයේ ලබා ගත්ත ණය හෝ ආධාර පේන්න යමක් වුණා. දැන් මේ මොරගහකන්ද පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්න කාලයේයි. දැන් ඉන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහවැලි ඇමති වෙලා ඉන්න කාලයේයි. රුවන්වැලි සෑය දුටුගැමුණු රජතුමාට ඉවර කරගන්න බැරි වුණාට එතුමාගේ මරණෙන් පස්සේ ඒක හැදුවානේ. අදත් ඒක පවතිනවා නේ. මම එකක් කියන්න ඕන. මම රුහුණේ කෙනෙක්. රාජපක්ෂවරු හොරු නෙමෙයි තියන දේ විකුණලා තමයි දේශපාලනය කළේ. කොහොමහරි මට ඡන්දේ ඉල්ලන්න හම්බවුණේ නෑ. ඒක නම් චන්ද්‍රිකා නෝනාගේ වැඩක්. එයා ඉතින් දැන් මොකද්ද අර අලුත් එකක් තියෙන්නේ සංහිදියාව කියලා. ඒක බදාගෙන දගලනවානේ. ඒ ගොල්ලෝ වෙනත් ජාතින් එක්ක ලව් කරනකොට ඒ ජාතින් බේරන්න රටත් පාවලා දෙන්න තමයි හදන්නේ. එහෙම ඉන්නකොට කියනවා රයිට් මම රටෙන් කෑල්ලකුත් දෙන්නම්කෝ අපි දෙන්නාගේ ලව් එකට කියලා. එහෙම නේ වෙන්නේ. නාමයෝජනා නොදුන්නාට රාජපක්ෂවරු එක්ක මගේ හබයක් නෑනේ. මේ රටේ යන්නේ එන්නේ අත් දෙක පද්දලා එතුමාට පින් සිද්ද් වෙන්නනේ. අපිත් ඒ රජයේ හිටිය නිසා අපිටත් ඒක පිනක්.”