රාජිත ධීවර ඇමති කාලේ නැව් ගත්තේ දත් ගලවද? – කුණු ඔලුවේ තියාගෙන “ඉස් ඉස්” ගාන්න එපා

0

ජනවාරි 08 වෙනිදා බොරුවෙන් වංචාවෙන් රටේ ජනතාව රවට්ටපු කළු ජූලිය දවසක් හැටියටත්, එය ජාතික හා ජාත්යජන්තර වශයෙන් බොරුව හා වංචාව වපුරපු දිනයක් හැටියටත් හඳුන්වන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නුවරඑළිය දිස්ත්රිික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී රත්නායක පවසනවා.

ලිඳුල, නාගසේන ප්‍රදේශයේ ඊයේ  (08) දා මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක්  කරමින් සී.බී.රත්නායක මන්ත්‍රිවරයා එසේ පවසා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රිවරයා,

“ එක්සත් ජාතික පක්ෂය පුමුඛ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුව වසර ගණනක් මේ රට පාලනය කරමින් ජනතාවට දුන්න පීඩාව, ආර්ථික පීඩාව, අසංවර්ධනය, නොහැකියාව, පිළිබිඹු වෙන අවස්ථාවක ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගනිමින්, ඒ සඳහා පළාත් සභා මැතිවරණය වසර 03 කට පමණ කල් දමමින් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි අධිකරණයට යමින්, පාරිලිමේන්තුවේ හඩක් නගමින් දැන් ක්‍රමවේදය සකස් කරමින් බලපෑම්වලට යටත් වෙමින් දැන් පළාත් සභා මැතිවරණයට අවතීර්ණ වෙලා තිබෙනවා. අර ඇස්පිල්ලන් ගහන රාජිත හොරකන් කරල තියෙනවා කියල කියනව. නමුත් ධිවර ඇමතිවරයා හැටියට කටයුතු කරද්දී නැව් 07 ක් 08 තියාගෙන කටයුතු කරන්න හැකි වූණේ දත් ගලවලාද කියල මම එතුමගෙන් අහන්න සූදානම්. කාගෙද දත් ගැලෙව්වේ කියලත් මම එතුමගෙන් අහන්න සූදානම්. ඒ නිසා ඉස්සාගේ ඔලුවෙ ජරාව තියාගෙන “ඉස් ඉස්” ගහන්න යන්න එපා.”

“ තියෙන චෝදනා සම්බ්නධව ලිපි ගොණුවක් භාර දී තිබෙනවා. ඇයි ඔහු වෙනුවෙන් ඒ ලිපිගොනුව පිළිබඳව ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. මෙන්න මේව පිළිබඳව ජනතාව හෙට අනිද්දා ප්‍රශ්න කරයි. ඒ ප්‍රශ්නෙට  පිළිතුරු ලබා දිය යුතු වෙනවා. පරදින්නනම් අපි තරඟ වදින්නේ නෑ.ආයතන 12 ක් තිබෙනවා. ආයතන 12 ම අපි ජයග්‍රහණය කරනව කියන දැඩි ස්ථීරතාවයෙන් යුතුව තමයි අපි කටයුතු කරන්න සූදානම් වෙන්නේ. අද ජනවාරි 08 වෙනිදා. බොරුව වංචාව රටේ ජනතාව රවට්ටපු දවස හැටියටයි අපිට හඳුන් වන්න පුලුවන්. අපි කළු ජූලිය කියල හැඳින්වූවා. අපි කියන්නේ අසංවර්ධිත වූ රටට වින කරපු දවසක් තමයි මෙය. ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර  වශයෙන් බොරුව වංචාව වපුරලා බලය ලබාගත්ත දිනයක් හැටියට තමයි අපි හඳුන්වන්නේ.”

මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here