පොහොට්ටුවත් හොරු, අලියත් හොරු ඉතුරු වන්නේ හොරු අල්ලපු සන්ධානය විතරයි- සරම ඇදන් ඔලුවෙන් හිටන් ඉන්න UNP උන්ට ඕක තේරෙන්නේ නෑ!

0

බරපතල දුෂණ වංචා හොයන ජනාධිපති කොමිසම් වාර්තාව අනුව එම සිද්ධින් 34 න් 32කටම සම්බන්ධ  වී ඇත්තේ   එක්බද්ධ  විපක්ෂයේ ජී.එල් .පීරිස්  ගේ පක්ෂයේ අය බවත් එබැවින් ඔවුනට ඡන්දය ලබා දිය නොහැකි බවත්, මහ බැංකුව හොරා කාපු අලි බබා සහ හොරු හතලිහ වැනි එක්සත් ජාතික පක්ෂයට ද ඡන්දය දීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

ඊයේ (08) හාලිඇල පට්ටිපොල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිට්යේ හොරු ඇල්ලීම සඳහා කොමිෂන් සභා පත් කර පාට පක්ෂ භේදයකින් තොරව තනතුරු පසෙකලා හොරුන්ට දඬුවම් දීමට ක්‍රියා කළ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුතු සන්ධානයට ජනතාව ඡන්දය ලබා දීමට කටයුතු කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති උනෙත් දෙපාරක් ජනාධිපති උනෙත් බුලත් කොළෙන්. එතුමාගේ අයියා චමල් රාජපක්ෂ මහත්තයා කතා නායක උනේ බුලත් කොළෙන්. පුතා  නාමල් රාජපක්ෂ මන්ත්‍රී උනේ බුලත් කොළෙන්. මාත් පත්උනේ බුලත් කොළෙන්. එනිසා කවුරුහරි බුලත් කොළේට  කෙල ගහනවානම් , ඒ බුලත් කොලෙට පයින් ගහනවා නම් අප කරන්නේ අම්ම තාත්තා අමතක කළ වාගේ වැඩක්. බුලත් කොලේ ඉනිමගෙන් උඩට නැගිලා ඒ ඉනිමගට පයින් ගැහුවා වගේ  වැඩක්.”

“මේ ප්‍රාද්ශීය සබා මැතිවරණයේදී ආණ්ඩු පෙරලන්න බැහැ .නමුත් ඔලු ගෙඩි වෙනස් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පමණයි .අගමැති පත්කරන්නේත්  ඇමතිවරු පත්කරන්නේත් ජනාධිපතිතුමයි. ඒක තේරෙන්නේනැති එජාපයේ සමහරු සරම ඇදන් ඔලුවෙන්  හිටගෙන කතා කරනවා එතකොට පේන්නේ මොකක්ද ? මහබැංකු මුදල් කොල්ලය තුළ  ඒ සොකරම් කල අර්ථ සාධක අරමුදලින් බහුතරයක් මේ අහිසංක ජනතාවගේ මුදල් වතුකම්කරුවන්ගේ මුදල්  ඒවා තමයි සොකරම් කරල තියෙන්නේ . එහෙම බලන කොට මේ ජන්දදෙදි එජාපයට  ජන්දයක් දෙන්න බැහැ . මොකද ලොකු එකා එහෙම සොකරම් කළාම පොඩි උන් හිතනවා පොඩ්ඩක් හොරකම් කරන්න.”

Dilan Perera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here