හොරු අත්සන් කරපු මුදල් නෝට්ටු භාවිත වන එකම රට ලංකාවයි!

0

වංචනිකයින් දෙදෙනෙකු විසින් අත්සන් තැබු මුදල් නෝට්ටු ව්‍යවහාරයේ පවතින රටක් වේ නම් ඒ ලංකාව පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ ඊයේ (08) කොළඹ දි පැවති ආචාර්‍ය උදය ශ්‍රි කාරියවසම් විසින් රචනා කරන ලද සම්මත යහපාලනය හා ශ්‍රි ලංකාවේ භාවිතය යන කෘතිය දරට වැඩීමේ උත්සවයේදි අදහස් දක්වමිනි.

“අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු පුරවැසියෙක් නිසා ඔහු කිසිසේත් ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරක්ෂා කරන බවට ප්‍රතිඥා දී නැහැ. එහෙම ප්‍රතිඥාවක් දෙන්නත් බෑ. එහෙම ප්‍රතිඥාවක් දිපු නැති කෙනෙක් ධූරය අහෝසි වෙච්ච කෙනෙක් තමයි මේ මුදල් නෝට්ටුවට අත්සන් කරලා තියෙන්නේ. ඊලඟට දෙවනි අත්සන තියන මුදල් අමාවරයා වූ රවි කරුණානායකට අල්ලස් හා දූෂණ නඩු පවරන්න කියලා බැදුම්කර කොමිසම නියෝග කරලා තියනවා. ඉතා පැහැදිළිව රට පිළිගන්නවා මුදල් ඇමතිතුමා වංචා සහගතව ක්‍රියා කර තිබෙන බව. වංචනිකයන් දෙදෙනෙක් අත්සන් තැබු ව්‍යවහාර මුදල් නෝට්ටු රටක භාවිතා වෙනවා නම් ඒ එකම රට යහපාලනය යටතේ ශ්‍රි ලංකාව බව කියන තමයි දැන් කියන්න තියෙන්නේ. මේකට හොඳම දේ තමයි මහින්ද රාජපක්ෂ හා අජිත් නිවාඩ් කබ්රාල් අත්සන් කරපු මුදල් නෝට්ටු ලග තියාගෙන අනිත් නෝට්ටුවක් ආපු ගමන් බැංකුවට ගිහින් මාරු කරලා පරණ මුදල් නෝටුව ගන්න කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන,” මන්ත්‍රිවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here