මහින්දයි, චන්ද්‍රිකායි හිතාගෙන ඉන්නේ ඒ දෙන්නා තාමත් ජනාධිපති කියලා…!

0

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඔවුන් හිටපු ජනාධිපතිවරුන් බව අමතක කරමින් කටයුතු කරනු ලබන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසා සිටිනවා.

අද (09) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“රවි කරුණානායක මන්ත්‍රිවරයා බැදුම්කර වාර්තාව ව්‍යාජ වාර්තාවක්කියලා කියපු එකට අපි උත්තර දෙන්න ඉස්සල්ලා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උත්තර දීලා තිබුණා. රවි කරුණානායක ගැන ඉදිරියේදි ගන්න ඕන තීරණ ගන්න කියලා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ම බල කරාවි. ඊයේ මේකට මලකඩ කාපු කඩු අරන් ගිය කට්ටිය මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවාට වැඩක් නෑ.එදත් එයාලා මලකඩ කාළා හිටියේ. ඊලඟට හිටපු ජනාධිපතිතුමා මම දැක්කා එතුමාගේ ඊයේ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා රාජගිරියේ ගුවන් පාලම, මොරගහකන්ද ජලාශය එතුමාගේ කාලයේ පටන් ගත්ත ඒවා කියලා තියනවා. මම දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔය මොරහගකන්ද ජලාශයට, රාජගිරිය ගුවන් පාලමට එතුමාගේ නම ගහන්න උවමනාවක් නෑ. ඔය මාධ්‍ය ප්‍රකාශ ලියන කාඩ්බෝඩ්වංශලා හරි කුරු මිනිස්සු හරි කරන්න්නේම එතුමාගේ ඒ උදාර පෞර්ෂය ටිකෙන් ටික අඩු කරලා, අර තුවායක් අරගෙන වතුර ටික මිරිකලා ඉතුරු වතුර ටිකත් මිරිකලා දානවා වගේ විනාශ කරන එකයි.”

“හිටපු ජනාධිපතිනිය ඊයේ මම දැක්කා ඔහේ දොඩවනවා නන් විකාර එයා තමයි සංවර්ධනයේ මෑණියෝ කියලා.චන්ද්‍රිකා මැතිණියට වෙලා තියෙන්නේත් එතුමියට අමතකයි එතුමිය හිටපු ජනාධිපති කියලා. එතුමිය හිතාගෙන ඉන්නේ එතුමිය ජනාධිපති කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාටත් අමතකයි සමහර අවස්ථාවලදි එතුමා හිටපු ජනාධිපති කියලා.” රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

Dilan Perera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here