රනිල්ගේ කතාව විතරයි….., ලසන්තගේ, තාජූඩින්ගේ මලකදන් තියාගෙන UNP බිස්නස් කරනවා

0

ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජූඩින් යන ඝාතන මතින් වර්තමාන යහපාලන රජය බලය ලබා ගත්තද වසර තුනක් ගතවි ගියද එම මිනිමරුවන්ට දඩුවම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ නගර සභා අපේක්ෂක අසාද් සාලි පවසනවා.

ඊයේ (09) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“2009 ලසන්ත වික්‍රමතුංග මහත්තයාව ඝාතනය කරනවා. දිගින් දිගටම UNPය ඒ මලකද උස්සගෙන ගිහින් තමයි ජයග්‍රහණය කෙරුවේ. තාජූඩින්ගේ ඝාතනය UNP එක වාර්තා ගන්න, ප්‍රකාශ ගන්න, මැතිවරණ කාලයේ අපි අරක කරනවා. මේක කරනවා කියලා මේ මලකදන් දෙක තියාගෙන බිස්නස් කෙරුවා UNPඑක. මොකද්ද කෙරුවේ එකෙක්ව අත්තඩංගුවට ගන්න පුළුවන් උනාද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රකාශ කරනවා 2013 ලසන්තගේ උත්සවයකට ගිහිල්ලා රජයට කියනවා තාමත් පරක්කු නෑ. ලසන්තගේ මරනෙට ගන්න ඔන ක්‍රියාමාර්ග ගන්න කියලා. ආයි ගත්තා ඒ පෙට්ටිය උඩට. ආයිමත් මරණ පරීක්ෂණ තිබ්බා. ඒකෙන් මොකද්ද හෙලි වුණේ ලසන්තට වෙඩි තිබ්බේ නෑ එයාට පිහියෙන් ඇනලා මැරුවේ කියලා. මෝටර් සයිකල් කීයක් තිබුනද එ  මෝටර් සයිකල් තිබුණේ කා ගාවද? ඒකට එක සාක්ෂිකරුවයි හිටියේ ඌවත් වැලිකඩ තියලා මරලා දැම්මා. ඒවා කවුද කෙරුවේ කියලා මුළු රටම දන්නවා. හැබැයි එකෙක් අත්තඩංගුවට ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැරි උණා.” ඔහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here