පාර්ලිමේන්තුවේ ගුටි කෙලියක්…, විශේෂ ප්‍රකාශ එපා..වාර්තාවයි විවාදයයි දෙන්න! – රනිල් හොරා, මහින්ද හොරා……සභා ගැබේ රැව් දෙයි

8

අද (10)  කැදවු පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තා. අද දිනයේ මෙම සැසිවාරය කැදවනු ලැබ ඇත්තේද බැදුම්කර වාර්තාව ගැන විවාද කිරීම සදහා අගමැතිවරයා විසින් කරනු ලැබූ විශේෂ ඉල්ලීමක් අනුව වේ.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් කිරීමටත් එය ඉදිරිපත් වූ පසු විවාදය පැවැත්වෙන දිනය තීරණය කිරීමටත්ය. නමුත් අදාළ වාර්තාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දුන් බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අනතුරුව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ කෝප් කමිටු වාර්තාව පිළිබඳව තාමට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවයි. එයට විරෝධය පාමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා නැගි සිටිනු ලැබුවා.

“ගරු කතානායකතුමණි ඉතා පැහැදිළි ලෙස අපිට දැනුම් දෙනු ලැබුවේ බැදුම්කර වාර්තාව ඉදිරිපත් කරලා ඒ පිළිබඳව සාකච්ඡා කරන්නයි පාර්ලිමේන්තුව කැදවන්නේ කියලා. අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශනයකට නෙමෙයි එහෙමකොහොමද?”

අගමැතිවරයා:”ගරු කතානායකතුමණි ස්ථාවර නියෝග 14 යටතේ කැදවන්නේ අගමැති නම් මට අයිතියක් තියනවා මම කතා කරන්නේ මොනවද කියිලා කියන්න. මම ඊයේ ඒක පක්ෂ නායක රැස්වීමේදි කිව්වා. මගේ කතාවෙන් පස්සේ ඉතුරු ටික කරගන්න.අපිට මේ ප්‍රකාශය කරන්න පුළුවන්. අපිට පිරිස ඉන්නවා.”

මේ අවස්ථාවේදී නැගි සිටි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රිවරයා: “ගරු කතානායකතුමණි අද උදෑසන අපි අගමැතිවරයාත් සහභාගි වූ රැස්වීමේදි තිරණය කළේ බැදුම්කර වාර්තාව කලින්ම සභාගත කරන්නටත්, ඉන් අනතුරුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටත්. ඒනිසා අපිත් මෙහි සිටින අනෙක් පාර්ශවය සමග එකග වෙනවා. ඒ අනුව විවාදයට පෙර කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත විය යුතුයි. මෙම සිදුවීම නැවැත්වීමට කටයුතු කරන්න බෑ. මොකද මෙම වාර්තාව ගැන පාර්ලිමේන්තුව ඇතුළු මුළු රටම අවධානයෙන් ඉන්නේ. මෙම ගැටළුවේ මුල සිටම හේතු සෙවිය යුතුයි. තව දුරටත් රටේ දූෂණයන්ට ඉඩ දෙන්න බෑ. විමර්ශනය අත්‍යවශ්‍යයි. සත්‍ය  සොයන්න ඕන. අපේ රටේ ඉතිහාසය අනුව කොමිෂන් වාර්තාවන් කිසිදිනක ප්‍රකාශයට පත් වුණේ නෑ. ඒනිසා මේ වාර්තාව ප්‍රකාශයට පත් විය යුතුයි. එසේ නොමැති නම් අඩුම වශයෙන් වාර්තාවේ අන්තර්ගතය හෝ පාර්ලිමේන්තුවට් ඉදිරිපත් විය යුතුයි.”

අනතුරුව අගමැතිවරයා විසින් සිය ප්‍රකාශය ඉදිරිපත් කළ අතර ඒකාබද්ධ විපක්ෂය ඇතුළුව විපක්ෂයෙන් දිගින් දිගටම එයට විරෝධය  පාද්දි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සභාගර්භය මධ්‍යයේ සිට ඔහුට ආරක්ෂාව සපයනු දක්නට ලැබුණි. අගමැතිවරයා විසින් 2008 වසරේසිට බැදුම්කර නිකුතුවේදි හටගත් අක්‍රමිකතා ප්‍රකාශයට ත් කළ අතර ආණ්ඩු පක්ෂයේ සෙසු මැති ඇමතිවරුන් ‘හොරා, හොරා කවුද හොරා.. හොරා හොරා මහින්ද හොරා යනුවෙන් විරෝධීය දැක්විය. අගමැතිවරයාද තම කතාව අවසන්කලේ මහින්ද හොරා යැයි සඳහන් කරමිනි.

එයටපිළිතුරු වශයෙන් ඒකාබද්ධ විපක්ෂයද විරෝධයක් ආරම්භ කළ අතර එහි කියැවුණේ හොරා හොරා රනිල් හොරා යනුවෙනි.

කතානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කළා

8 COMMENTS

  1. Good day! This is kind of off topic but I need some advice from an established blog.

    Is it tough to set up your own blog? I’m not very techincal but I can figure things out

    pretty quick. I’m thinking about making my own but I’m not sure

    where to start. Do you have any ideas or suggestions? Appreciate it

  2. Thank you for any other informative web site.

    The place else may I get that kind of information written in such an ideal manner?

    I’ve a undertaking that I am just now running on,

    and I’ve been at the glance out for such information.

Comments are closed.