අපේ හාමුදුරුවනේ…! හොරකමක් සිදුවී ඇත…, හොරෙක් නැත…- නඩුත් එහේ බඩුත් එහේ

0

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මහ බැංකු කොමිෂන් සභා වාර්තාව අනුව වංචාවක් සිදු වි ඇති නමුත් හොරෙක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (09) මිද්දෙනියේ පැවති ජන හමුවක් අම්තමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“කට්ටිය බලාගෙන හිටියා බැදුම්කරෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා වැරදිකාරයා වෙනකම් ආණ්ඩු හදන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමාගේ කතාවේ කියනවා රනිල් වික්‍රමසිංහ වැරදි කරලා නෑ කියලා. මහේන්ද්‍රන්ගෙන් අතෙන් පොඩි වැරැද්දක් වෙලා. මෛත්‍රීපාල මහත්තයාගේ ගණන් හිලව් අනුව මිලියන 11000ක් අතුරුදන් වෙලා.හොරෙක් නැත. වංචාවක් වී ඇත. දැන් හොරා නැතුව වංචාවක් වෙලා.බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ දැන් ඔතන රවි කරුණානායක, ඇලෝසියස් යන නම් වෙනුවට නාමල් රාජපක්ෂගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ, ඩී වී චානකගේ නම තිබුණා නම් අපේ හාමුදුරුවනේ, අරහේ මෛත්‍රී මහත්තයා ජාතිය අමතන කොට මෙහේ සජීවී දෙයි නාමල් අත්තඩංගුවට ගන්නවා. හැබැයි රනිල් වික්‍රමසිංහගේ නමත් නෑ. රවි කරුණානායකටත් පොඩි චෝදනාවක් දාලා තියනවා. මේක තමයි යහපාලනය.@ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

Namal Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here