දෙපැත්තෙම අය හොරා කියලා කෑ ගහගත්තට කවුද හොරා කියන එක ජනතාව දන්නවා

1

මුදල් පසුම්බිය සොරාගෙන දුවන ගමන් හොරා විසින්ම අන්න හොරෙක්, අන්න හොරෙක් යැයි කෑ ගසනවා මෙන්ම අද දිනයේදී පාර්ලිමේන්තුවේ දෙපිරිසක් විසින් එකිනෙකාට හොරායැයි චෝදනා කරගත්ත ද සැබෑ සොරුන් කවුදැයි මේ රටේ ජනතාව දන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද (10) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

“හැම මැතිවරණයකදීම පොරොන්දු දීපු ඔබතුමාලගේ දුක් ගැනවිල්ලක් වෙච්ච කෘෂිකාර්මික ප්‍රදේශයක ජනතාවක් විදියට ජලය ඉල්ලා කළ ඉල්ලීම මොරගහකන්ද කළුගග විශාල සංවර්ධන ව්‍යාපෘතිය තමුන්නාන්සේලාට, රජරට ජනතාවට, අනුරාධපුර ජනතාවට මම පූජා කරලා ඉවරයි කියන එක මම කියන්න ඕන. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන සභාපතිවරු මන්ත්‍රිවරු නිසිමග අරගෙන සදාචාරවත් ලෙස විධිමත් ලෙස රටට ආදරේ කරන මගට පියවර තියෙන්නේ මේ ජයග්‍රාහි නියෝජිතයන් සමග කියන එක මම කියන්න ඕන. ”

“අද පාර්ලිමේන්තුව රැස් වුණා උදේ. රැස්වෙලා දෙපැත්තෙම ඉන්න කට්ටියට දොගොල්ලන්ට හොර හොරා කියන්න පටන්  ගත්තා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපි ඔක්කෝම අනුරාධපුරයේ අද උදේඉදලා. පාර්ලිමේන්තුවේ දෙපැත්තේම අය හොරා කියාගෙන කවුද හොරා කවුද හොරකම් කළ නැති කෙනා කියලා පාර්ලිමේන්තුවේ විශාල කලකෝලාහයක් ගහ ගැනිල්ලක් වෙලා තියනවා අද උදේ. අද දේශපාලනයේ වෙලා තියන දේ අනුව හොරා කවුද හොරකම් කළේ නැද්ද යන්න රටේ ජනතාව හොදාකාරයෙන්ම දන්නවා. බණ්ඩාරනායක මැතිතුමාට වෙඩි තියලා එතුමාව ඝාතනය කරපු එක මේ රටේ ප්‍රගතිශීලි ව්‍යාපාරයට එල්ල කළ පහරක්. මේ රටේ ජාතික ගමනට තිබ්බ වෙඩිල්ලක් අද අලුත් පක්ෂයක් හදලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාට පාවිච්චි කරගෙන ඒ අලුත් දේශපාලන පක්ෂය කරන්නෙත් දෙවැනි බන්ඩාරනායක ඝාතනය කියන එක මම තමුන්නාන්සේලාට මෙහිදි පැහැදිලිවම කියන්න ඕන.”

1 COMMENT

  1. I’d like to thank you for the efforts you have put in writing this

    site. I am hoping to check out the same high-grade content from you

    later on as well. In fact, your creative writing abilities

    has encouraged me to get my own blog now 😉

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here