හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා….සුදු හුණු ගෑ අගමැතිවරයා වැඩේ අනාගත්තා ද?

0

බැදුමකර හොරකම ඔප්පු වීමටත් පෙර තමන් එහි වග උත්තරකාරයා ලෙසට පිළිගැනීම අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදි සිය ප්‍රකාශය හරහා සිදු කර ගත් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසනවා.

ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදි මාධ්‍ය හමුවක් කැදවමින් මන්ත්‍රිවරයා මෙ බව සඳහන් කර සිටියා.

“ඊයේ එකඟතාවයකට අවා අද දවස එනකොට වාර්තාව ලැබීමට සලස්වනවා කියලා. නමුත් අද වාර්තාවක් ආවේ නෑ. අගමැතිතුමා තමන්ගේ ප්‍රකාශය කරන්න සූදානම් වුණා. එතුමා තමන්ගේ වගඋත්තරකාරකමින් නිදහස් වෙන්න ප්‍රකාශ මේක පාවිච්චි කර ගන්නවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒකතමයි පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච කලහකාරී තත්ත්වය. කතානායකතුමා මේ තත්ත්වය පාලනය කරන්න ඇත්තටම මැදිහත් වුණේ නෑ. මේ වාර්තාව නොලැබීම පිළිබඳව ඇත්තටම තියෙන්නේ බරපතළ ප්‍රශ්නයක්. බැදුම්කර කොමිසම් වාර්තාව වගේම බරපතල මූල්‍ය වංචා පිළිබඳව විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තා 34ක් ජනාධිපතිවරයාට ජනවාරි 1 වෙනිදා බාර දුන්නා. ඒ වාර්තා කිසිවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේනෑ. ජනාධිපති ලේකම්තුමා කියනවා ඒවා ඔවුන් ලඟ නැහැ කියලා. ඉතින් මේක හිතා ගන්න බැරි දෙයක්. ඉතින් මේක ජුගුප්සාජනකයි. අගමැතිවරයාට හා කතානායකවරයාට වගකීමක් තියනවා මේ වාර්තා නැත්නම් මේ පාර්ලිමේන්තුව අද කැදවන එකේ තේරුමක්නෑ. එතුමන්ලට තිබුණා කල් ඇතුව තීරණයක් ගන්න. වාර්තාව නැතුව පාර්ලිමේන්තුව කැදවන්නේ නැතුව ඉන්න.”

“මේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕන නෑ. මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ හදන්නේ මැතිවරණය අවසන් වන තෙක් මේ වාර්තාව ඉදිරිපත් වීම වලක්වන්න. අද අගමැතිවරයා කරපු ඒ ප්‍රකාශයෙන් ඇත්තටම ඔහු කර ගත්තේ තමන් මේ හොරකමට සම්බන්ධයි කියන එක හොරකම තහවුරු වෙලා ඔප්පු වෙන්න කලින්ම තමන් එහි වගඋත්තරකාරයා කියන එක ඔප්පු කිරීමක් තමයි තවත් මේකෙන් කර ගත්තේ. මුළු රටම බලන් ඉන්නේ මේ කොමිෂන් වාර්තාවේ තියෙන්නේ මොනවද? ඒ පිළිබඳ විවාදය කොහොමද යන්නේ කියන එක.” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Vijitha Herath

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here